නාමල්ගේ සමාගම් අධ්‍යක්ෂවරියකුත් රිමාන්ඩ්|VIDEO

Nithya Senanya Samaranayake

හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජාතික ගුවන් සේවයෙන් මුදා හරන ලද, ඔහු යටතේ  පැවති සමාගම් දෙකක අධ්‍යක්ෂවරියක් මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත කොට තිබේ.

එන් ආර් කන්සල්ටේෂන්ස් පුද්ගලික සමාගම සහා ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්ෂිකා නිත්‍යා සේනාන්‍යා සමරනායක කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් ලබන 22 දක්වා රිමාන්ඩ් ගත කරන ලද්දේ රුපියල් කෝටි හතරහමාරකට ආසන්න මුල්‍ය වංචා සම්බන්ධයෙනි.

ඇය 16 අඟහරුවාදා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ආ අවස්ථාවේ යෝෂිත රාජපක්ෂද පැමිණ සිටිනු දක්නට ලැබිනි.

කෝටි දහයක්

එම සමාගමේ රුපියල් දස කෝටියක  මුදල් අයථා ලෙස යොදවා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් හෙලෝ කෝප් නම් සමාගමක් මිලදී ගත් බවට කෙරුණු පැමිණිල්ලක් විමර්ශනය කරන මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය අද අධිකරණයට දැනුම් දුන්නේ පරීක්ෂණ තවත් හමාර වී නැති බවයි.

එම ගනුදෙනු වලට අදාලව 15 සඳුදා අධිකරණය හමුවට පමුණුවන ලද නාමල් රාජපක්ෂ සහ සුදර්ශ බණ්ඩාර ගනේවත්ත අධිකාරණය විසින් අගෝස්තු 22 දක්වා රිමාන්ඩ් ගත කරන ලදී.

මීට අමතරව, ඉන්දික ප්‍රභාත් කරුණාජීව, පවිත්‍රා සුජානි බෝගොල්ලාගම සහ ඉරේෂා සිල්වාද FCID ය විසින් සැකකරුවන් ලෙස නම්කර තිබිනි.

 

ශ්‍රී ලන්කන් වෙතින් නාමල්ට

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක ව සිටි නිත්‍යා සේනාන්‍යා සමරනායක 2010 සිට ජනාධිපති පුත්‍ර නාමල් රාජපක්ෂ වෙනුවෙන් සේවයෙන් මුදා හැර තිබෙන බව විමර්ශනයකින් හෙළිවී තිබුනි.

වත්මන් රජයේ නියමයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ සී වැලිඅමුණ විසින් කරන පරීක්ෂණයකින් හෙළිවී තිබුනේ නාමල් රාජපක්ෂ වෙනුවෙන් කළ සේවයට ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන්ද ඇයට වැටුප් සහ දීමන ගෙවා ඇති බවයි.

Related posts

Comments are closed.

Top