නාමල් රාජපක්ෂට ඇප

namal

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකාර මන්ත්‍රීවරයා 22 සදුදා අධිකරණයට ඉදිරිපත් කළ  අවස්ථාවේ දී කොළඹ අතිරේක ම‍හේස්ත්‍රාත් නිශාන්ත පීරිස් නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂය බැගින්වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 100 බැගින්වු ශරීර ඇප 4ක් මත ඔහුව නිදහස් කරන ලෙසයි.

මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා සෑම මසකම 1වන සහ අවසන් ඉරිදා දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇති බවයි ගගන වාර්තාකරු පවසා සිටියේ.

හෙලෝ කෝප් සමාගමට අදාළ කොටස් රුපියල් මිලියන 125ක් වැය කරමින් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට (15) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි අවස්ථාවෙදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත් අතර අධිකරණ නියෝගය මත ඔහු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

Related posts

Comments are closed.

Top