දීමනාත් ගෙන පුහුණුවක් ලබන්නට මාධ්‍යවේදීන්ට වරමක්

Jaffna xmas 2015 IDP camp

දරිද්‍රතාවය සහ ඒ ආශ්‍රිත ගැටලු සම්බන්ධ ගවේෂණාත්මක වාර්තාකරණය පිළිබඳව පිරිනමන අධිශිෂ්‍යත්ව වැඩසටහනක් සඳහා පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනි සහ වෙබ් මාධ්‍යවේදීන්ගෙන් ස්වාධීන පර්යේෂණ ආයතනයක් විසින් අයැදුම්පත් කැඳවා තිබේ.

තරගකාරී පදනමක් යටතේ තෝරාගන්නා මාධ්‍යවේදීන් 15 දෙනකු සඳහා දරිද්‍රතාවයේ විවිධ ස්වරුප පිළිබඳ අවබෝධයක් ලබා දීමත්, ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය සම්බන්ධයෙන් අනාවරණය නොවුණු සහ වාර්තා නොවුණු අංශ හඳුනා ගැනීම සඳහා උපදෙස් ලබා දීමත් තම අරමුණ බව අධිශිෂ්‍යත්ව වැඩසටහන මෙහෙයවන දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) පවසයි.

එම ආයතනය පවසන පරිදි වැඩසටහන සඳහා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම සහ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම කටයුතු කරන ප්‍රවෘත්ති වාර්තාකරුවන්, විශේෂාංග ලේඛකයන්, විද්‍යුත් මාධ්‍ය නිෂ්පාදකයන් හා අන්තර්ජාල මාධ්‍යවේදීන් තෝරා ගනු ලබන අතර, ක්ෂේත්‍ර චාරිකා වෙනුවෙන් දීමනාවක් ලබා දෙනු ඇත.

අවම වශයෙන් පස් වසරක් මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් සපිරූ මාධ්‍යවේදීන්ගෙන් (ඡායාරුප ජනමාධ්‍යවේදීන් ද ඇතුළුව) කැඳවනු ලබන අයැදුම් පත් භාරගන්නා අවසාන දිනය 2016 අගෝස්තු 26 දා ය.

අයැදුම් කිරීමට උපදෙස්

මෙහි ඇති CEPA වෙබ් අඩවියේ සබැඳියට පිවිසීමෙන් අයැදුම් කිරීමටත්, විස්තර දැනගැනීමටත්  පහසුකම් සලසා ඇති බව දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය දැනුම් දී තිබේ.

මෙම වැඩසටහන සඳහා පුර්ණකාලීන, අර්ධ කාලීන සහ නිදහස් මාධ්‍යවේදීන්ට අයදුම් කළ හැකි අතර තමන් විසින් වැඩසටහනේ දී සම්පාදනය කරනු ලබන ගවේෂණාත්මක ලේඛනය හෝ ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන ස්වකීය මාධ්‍ය ආයතනයේ පළ කිරීම සඳහා සංස්කාරකවරයා හෝ නිෂ්පාදකයා විසින් අනුමැතිය ලබාදුන් බවට ලිපියක් අයැදුම් පත සමග එවිය යුතුය.

දරිද්‍රතාවය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීමේ දී ජනතාවට සිය සම්පූර්ණ ශක්‍යතාවයන් අත්පත්කර ගැනීමට ඉවහල් වන ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය, අදහස් ප්‍රකාශනයේ හා මාධ්‍ය නිදහස යන කරුණු කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව පෙන්වා දෙන CEPA ආයතනය ඒ ක්ෂේත්‍රයට අදාළ පුහුණුව මාධ්‍යවේදීන්ට ලබාදීමේ අඩුව පිරිමැසීමට තම අපේක්ෂාව බව පවසයි.

Related posts

Comments are closed.

Top