උතුරේ බෞද්ධකරණයට එරෙහිව එක්සත් ජාතීන්ට පැමිණිල්ලක් | VIDEO

Kili March

විශාල හමුදා ගහනයක් සහිත උතුරේ දෙමළ ප්‍රදේශවල යුද්ධයෙන් පසු බලහත්කාරයෙන් බෞද්ධ ගොඩනැගිලි ඉදිකිරීමට විරෝධය පෑ සිය ගණනක් ජනතාව එය වලක්වා ලන්නට මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබේ.

වන්නියේ පා ගමනක යෙදුනු විරෝධතා කරුවෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේ යුද්ධය නිසා තම පාරම්පරික දෙමළ ගම බිම් අත් හැර පලා ගොස් ආපසු පැමිණීමේදී ආපසු  නොලැබුනු ඉඩම් වල කෙරෙන එම බෞද්ධකරණය නවතා ලන්නට රජයට බල කරන මෙනි.

 

 

අතුරුදහන් පුද්ගලයන්ගේ සහ දේශපාලන සිරකරුවන්ගේ දෙමාපියන් සහ බිරින්දෑවරුන් බොහොමයක් මෙන්ම හමුදාව වාඩිලා ගැනීම නිසා ඉඩම් අහිමි වුවන්ද අලිමංකඩ සිට කිලිනොච්චියේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත පා ගමනින් ගොස් තම ඉල්ලීම් රැගත් සන්දේශයක් භාර දුන්හ.

කිසිදු බෞද්ධයකු නොමැති ප්‍රදේශ ගණනාවකම යුද හමුදා අනුග්‍රහයෙන් බෞද්ධ පන්සල් ඉදිකොට ඇතිවාක් මෙන්ම, ඉදිකෙරෙමින් ද පවතින බව සංදේශයේ සඳහන් වෙයි.

හින්දු සහ ක්‍රිස්තියානි ආගමික නායකයන් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේත් දෙමළ ජාතික ජනතා පෙරමුණේත් දේශපාලකයන් විරෝධතාවට එක්ව සිටිනු දක්නා ලදී.

Related posts

Comments are closed.

Top