‘ෆෙයාර්වේ’ සිංහල අංශයේ කෙටි ලැයිස්තුවට තරගකාරී පොත් පහක්

14199426_10154252278322559_5927937833682493055_n

 

දෙවැනි ෆෙයාර්වේ නවකතා සම්මාන උළෙලේ සිංහ අංශය සඳහා ලියාපදිංචිව තිබූ නවකතා 124 ක් අතුරින් අවසන් වටය සඳහා කෘති 5ක් තෝරාගෙන ඇත.

ඒ සමන් වික්‍රමාරච්චිගේ අසන්ධිමිත්තා, ලියනගේ අමරකීර්තිගේ  අහම්බකාරක, එරික් ඉලයප්පාරච්චිගේ පරදේසීටෙනිසන් පෙරේරාගේ මහා රාවණා සහ  කපිල කුමාර කාලිංගගේ සැප්තැම්බරයේ දිග දවසක් යන කෘති 5යි.

මෙම කෘති 5ටම රුපියල් ලක්ෂයක මුදලක් අනිවාර්යයෙන්ම හිමිවන අතර, ජයග්‍රාහී කෘතියට ඊට අමතරව රුපියල් ලක්ෂ 5ක මුදලක් සමඟින් ෆෙයාර්වේ සම්මානය හිමිවේ.

ස්වර්ණ පුස්තක අතර

තේරී ඇති මෙම කෘති අතරින් අහම්බකාරක සහ පරදේසී ස්වර්ණ පුස්ථක සම්මාන උළෙලේ අවසන් වටයද නියෝජනය කරයි.

සෙසු කෘති තුනද එම සම්මාන උළෙලේ දිගු ලැයිස්තුගත කිරීම වූ පොත් 12 අතරට තේරුණ නමුත් ඉන් අසන්ධිමිත්තා සහ සැප්තැම්බරයේ දිගු දවසක් තරඟ නිතී උල්ලංඝනය කිරීම යන හේතුව මත කපා හැරුණි.

පසුව එය සාහිත්‍ය ක්ෂේෙත්‍රයේ ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය. ඒ පිළිබඳ සංවාදය තවමත් අවසන් වි නැත.

දෙමළ සහ ඉංග්‍රීසි අංශ 

ෆෙයාර්වේ සම්මාන උළෙලේ දෙමළ අංශයේ අවසාන නිර්දේශ අතරට මෙව ර කෘති 3ක් තේරී ඇත. ඒ එම්. සිවලිංගම්ගේ පන්ජාම් පිලෛක්කු වන්දා, එන්. යෝගේන්ද්‍රනාදන්ගේ නීන්දි කාඩාන්ද නෙරුප්පාරු සහ ජේ. වහබ්දින්ගේ නළවන් කදිකාල් නම් කාති 3යි.

ඉංග්‍රිසි අංශයේ අවසන් වටය සඳහා කෙටි ලැයිස්තුවට ඇතුළත් පොත් 4කි.  එනම් ශ්‍යාම් එස්. දිසානායකගේ දළදා කෝනිකල්ස්, ක්වින්ටස් ජී. ප්‍රනාන්දුගේ සෙලිබසි ෆැක්ටර්, තීනා කුමාරගුරුනාදන්ගේ ෆස්ට් අටරන්ස් සහ නන්ද පෙතියාගොඩගේ පැරරල් ලයිව්ස් යන කෘතින් ය.

විනිසුරු මඬුල්ල

මෙවර ෆෙයාර්වේ සම්මාන උළෙලේ කෘති විනිශ්චය පිණිස පෙළ ගැසි සිටින්නේ පියසීලී විජේනායක, ධර්මසේන පතිරාජ, චිත්‍රලේඛා මෞනගුරු,  ක්‍රිෂාන්ත ෆ්‍රෙඩ්රික්ස්, විවීමරී වැන් ඩ පූටන්, තිස්ස දේවේන්ද්‍ර, අනෝමා රාජකරුණා, නයෝමි මුණවීර, සෝබා පද්මනාදන් සහ මොහොමඩ් රමීස් ය.

පළමු උළෙලින්

2015 වසරේ පැවති පළමු ෆෙයාර්වේ සම්මාන උළෙලේ සිංහල අංශය සඳහා නිර්දේශ වූයේ බටුවන්ගල රාහුල හිමියන් ලියූ රන්කරඬුව, කෞශල්‍ය කුමාරසිංහ ලියූ මේ රහස් කවුලුවෙන් එබෙන්න, සේපාලී මායාදුන්න ලියූ මහාසාමි සහ විසාකේස චන්ද්‍රසේකරම් ලියූ රජ සහ ඝාතකයා මෙම කෘති හතරයි. එහිදී සම්මානය සමඟින් රුපියල් ලක්ෂ 5ක මුදල හිමිවූයේ සේපාලි මායාදුන්න ලියූ මහාසාමි කෘතියටයි.

දෙමළ අංශයේ සම්මානයක් හිමිකර දුන්නේ නැත. ඉංග්‍රීසි අංශයේ ජයග්‍රහක කෘති දෙකක් තෝරා ගැනුණි. ඒ රිස්විනා මොසෙත් ද අල්විස්ගේ ඉට්ස් නොට් ඉන් ද ස්ටාර්ස් සහ අය්යතුරෛ ශාන්තන්ගේ රේල්ස් රන් පැරරල් යන කෘති දෙකයි.

මෙම සම්මාන උළෙල සඳහා අනුග්‍රහය දක්වන්නේ ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම යි.

Related posts

Comments are closed.

Top