දුමින්ද සිල්වාට මරණ දඬුවම ලැබුනේ ‘නීතියේ ස්වාධිපත්‍යය ආරක්ෂා වීම නිසා’ | VIDEO

Gotabhaya and Duminda

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවති ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ධුරය දැරූ ආර් දුමින්ද සිල්වාට ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීමේ අපරාධයට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය පනවන ලදී.

නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව භාරත ලක්ෂමන් දියණිය ප්‍රකාශ කළේ මගින් නව ජනාධිපතිවරයා  යටතේ අධිකරණයේ  ස්වාධිපත්‍යය තහවුරු කොට ඇති හෙයින් නිවැරදි තීන්දුවක් ලැබුණු බවයි.

ඒ සම්බන්ධයෙන් ඇය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සිය ස්තුතිය පුද කළාය.

“මේ ආණ්ඩුව වෙනස් වුනේ නැතිනම් මේ තීන්දුව වෙනස් තීන්දුවක් වෙන්න තිබුනා,” යි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළාය.

ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක බහුතර තීන්දුව වුයේ භාරත ලක්ෂ්මන් ඇතුළු සිව් දෙනකු පස් වසරකට ඉහතදී ඝාතනය කිරීම ගැන මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුලු පස් දෙනකු වරදකරුවන් බවයි.

හිටපු මන්ත්‍රීවරයාට අමතරව අනුර තුෂාර ද මැල්, දෙමටගොඩ චමින්ද හෙවත් චමින්ද රවී ජයනාත්, සරත් බණ්ඩාර සහ අධිකරණයෙන් සැඟවී සිටින ප්‍රියන්ත ජනක බණ්ඩාර හටත් මරණ දඬුවම පනවන ලදී.

ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ සහ වසීම් තාජුදීන් හට එරෙහිව පසුගිය පාලන සමයේ කරන ලද අපරාධ සම්බන්ධයෙන්ද යුක්තිය ඉටුවනු ඇති බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විශ්වාසය පළ කළාය.

bharatha_lakshman

Related posts

Comments are closed.

Top