සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ කුළුඳුල් නවකතාව “දූල්වල අලංකාරේ” රාජ්‍ය සම්මානයට පාත්‍ර වෙයි

 

Doolwala-Sumudu

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ විශිෂ්ඨතම නවකතාවට හිමි සම්මානය, සුමුදු නිරාගී සෙනෙවිරත්න විසින් ලියැවුණු දූල්වල අලංකාරේ නවකතාවට හිමිවිණ. ඇය ඇගේ පළමු නවකතාව වන අතර එම කෘතිය පැවැත්වීමට නියමිත ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ හා ගොඩගේ සම්මාන උළෙලේද කෙටි ලැයිස්තුව තුළ ඇත.

දූල්වල අලංකාරේ කෘතිය සමඟ කෙටි ලැයිස්තුගතව තිබුණේ එච්. බී.ගුණරත්නගේ හිතුවක්කාරී කෘතිය සහ පී.බී.ජයසේකරගේ අවලමා සහ ඇහැටුව කෘතියයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල මෙවර පැවතුණේ  59 වැනි වතාවටයි. මෙහිදී සම්මාන ප්‍රදානය සඳහා තෝරා ගැනුණේ 2015 වසරේ මුද්‍රණයෙන් නිකුත් වූ කෘතීන් ය.

උළෙලේ විශිෂ්ඨතම කෙටිකතා සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර වූයේ අනුරසිරි හෙට්ටිගේ විසින් ලියැවුණු දිමියා ය. විශිෂ්ඨතම කාව්‍ය සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර වූයේ දර්ශන රත්නායකගේ  නැණසිළුමිණ නම් උමංදානන්දය කෘතියයි.

සාහිත්‍ය නිර්මාණකරුවකු වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍යරත්න ගෞරව සම්මානයෙන් මෙවර පිදුම් ලැබූයේ සිරි තිලකසිරි, රදගරු ආචාර්ය එස්. ජෙබනේෂන් සහ මහාචාර්ය මර්ලින් පීරිස් යන ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදින් තිදෙනා ය.

2016 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ කෙටි ලැයිස්තුව සමඟින් සමස්ථ ප්‍රථිපලය මෙබඳු ය.

නවකතා

එච්.බී.ගුණරත්නගේ – හිතුවක්කාරී

පී.බී.ජයසේකරගේ – අවලමා සහ ඇහටුවා

සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ – දුල්වල අලංකාරේ (සම්මානය)
කෙටිකතා 
එරික් ඉලයප්ආරච්චිගේ – මොනාලිසාට රැවුලක්

අනුරසිරි හෙට්ටිගේ – දිමියා (සම්මානය)
කමල් පෙරේරාගේ – කුඹියා නම් ඩොලැක්ක වාදකයා

රංජිත් ධර්මකීර්තිගේ -පෙම්සිහිනය

 

පද්‍ය

සුහර්ෂිනි ධර්මරත්නගේ – සුදුවත හැඳී කෙකෙනිය

රත්න ශ්‍රී විජේසිංහගේ – සඳගිර පාමුළ

දර්ශන රත්නායකගේ – නැණ සිළුමිණ නම් උමංදානන්දය (සම්මානය)
ගීත රචනා

ප්‍රනීත් අභේසුන්දරගේ – සිංහලයකු වී ඉපදීමෙන් (සම්මානය)
කුමාරදාස සපුත්‍රන්ත්‍රීගේ – මල් මාවතේ
යමුනා මාලනී පෙරේරාගේ – ඊළග වස්සානේ

 

නාට්‍ය පෙළ
පියල් කාරියවසම්ගේ – මට එරෙහිව මම (සම්මානය)
අඛිල සපුමල්ගේ – හිනාවෙලා මිනිත්තුවක්

 

යොවුන් නවකතා

ගුණසේකර ගුණසෝමගේ – අකලට ආ ඉස්කෝලේ
හේමා චන්ද්‍රිකා ලියනගේ ගේ – සුව සෙවණට ගිය යසසී
සෝමලතා වෛද්‍යරත්නගේ – මේ නිවාඩු කාලයයි (සම්මානය)

 

ළමා සාහිත්‍ය (ප්‍රාථමික)
ප්‍රීති රන්දෙණිය – තේක්ක නැන්දා

තනුජා එන්.අයගම – ඉර එළිය (සම්මානය)
ප්‍රර්ථනා සම්මානි – ශෛලී

 

ළමා සාහිත්‍ය (ද්වීතීයීය)

රසිකා නිරංජලා – පායන්න ඉඩ දෙන්න

චන්ද්‍රිකා අඹේපිටියගේ – සුමුදුමලී (සම්මානය)
මැණිකේ නවරත්න -සුවද හමන මල් යායක
සන්ධ්‍යා කහඳගමගේ – කණාමැදිරි සිත්තරා

 

විද්‍යා සාහිත්‍ය කෘති 
කලාවකාශයේ සිරකරුවා – දමිත නිපුණජිත් (සම්මාන)

 

පරිවර්තන නවකතා
මම ඔබ සොයමි- සුමිත්‍රා රාහුබද්ධ(සම්මාන)
ඉස්කෝලෙ මහත්තයා මහා. උපුල් රංජිත් හේවාවිතානගමගේ
කඳුකරය දෝංකාර දුනි ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද

 

පරිවර්තන කෙටිකතා

දුරාචාරය – සමරසිංහ ගුණසේකර
කැදැලි බිදී ගිය පසු – උපාලි ලීලාරත්න (සම සම්මාන)
මුදු හද ඇති ළඳ – චන්දන මෙන්ඩිස් (සම සම්මාන)
දුම්රිය සංඥාව – එප්පාවල දිනුක මදුෂාන්
පරිවර්තන නාට්‍ය පෙළ
ස්වප්නවාසවදත්තා නාටකය – මහාචාර්ය වෝල්ටර් මාරසිංහ (සම්මාන)
‍එව බලව ඒහි පස්සික – ඊ.එම්.ඩී උපාලි

මධු සාදය – මර්ලින් පීරිස්

 

ශාස්ත්‍රීය පර්යේෂණ

පොළොන්නරු යුගයේ කවියකු කළ මුවදෙව්දාවත – සිරි තිලකසිරි

ප්‍රත්‍යක්ෂය සහ විශ්වාසය -එම්.එම්.ජේ.මාරසිංහ (සම සම්මාන)
දකුණු ඉන්දියාවේ ථේරවාදී බුදුදහමේ ව්‍යාප්තිය- ආචාර්ය පුජ්‍ය හිඳගල ඤණාධාර හිමි (සම සම්මාන)
පාලිමුක්තක විනය විනිච්ජය සංග්‍රහය – පූජ්‍ය මඩිහේ සුගත හිමි
ශාස්ත්‍රීය පර්යේෂණ (පරිවර්තන)

ජීවක ජීවන චාරිකා – ඩී.එස්. දයාරත්න

සිංහල සමාජයේ කුල ක්‍රමය – චන්ද්‍ර ශ්‍රී රණසිංහ (සම්මාන)
දශභූමික සුත්‍රය – පුජ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමි
කන්ද උඩරටින් නැගුණු පෘතුගීසි විරෝධය – සී.ගැස්ටින් පෙරේරා / ධනේෂ් විසුම්පෙරුම

 

විවිධ විෂය (සමාජ විද්‍යා )

අධිකරණ විද්‍යාව හා අපරාධ විමර්ශන – ආචාර්ය ම.ආ.ජ. මැන්දිස්

බුදුසමය සහ අපරාධ විද්‍යාව – පාතේගම ඤාණිස්සර හිමි (සම්මාන)
විවිධ විෂය (කලා ශිල්ප)

සුනිල් සාන්ත අධ්‍යනය – මහාචාර්ය සුනිල් ආරියරත්න

ශ්‍රී ලාංකේය විකල්ප නාට්‍ය කලාවේ ප්‍රවණතා – මංගල සේනානායක (සම්මාන)
ලාංකේය සිනමාවේ සුසමාදර්ශ මාරුව – ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි
විවිධ විෂය (මානව ශාස්ත්‍ර )

අප්‍රිකාව මහාචාර්ය දයානන්ද සෝමසුන්දර

ප්‍රත්‍යවේක්ෂණ ලිපි – මහාචාර්ය කුලතිලක කුමාරසිංහ (සම්මාන)
බෞද්ධ දර්ශනය තුළින් සදාචාර අධ්‍යාපන ප්‍රවර්ධනය – මහාචාර්ය සිල්වි සේනාධීර

මීට අමතරව විශිෂ්ඨතම කවර නිර්මාණය වෙනුවෙන් සීතා කුමාරිහාමිගේ වක්ගිරි පව්ව කෘතියේ කවර නිර්මාණය කළ සමන් ඉන්දික ලොකුකලුගේ ට සම්මාන හිමිවිය.  විශිෂ්ඨතම කෘති සැළසුම්කරණය වෙනුවෙන් මෙන්ඩිස් වික්‍රමසිංහගේ රෙපෙර්තුවා කෘතියේ පිටු සැළසුම් කළ කසුන් ප්‍රදීප් බෙරනගම රාජ්‍ය සම්මාන හිමි කර ගත් අතර එම කෘතිය ඉංග්‍රීසී අංශයේ විද්‍යා හා සමාජ විද්‍ය අංශයේ සම්මානයට පාත්‍ර විය.

 

 

 

Related posts

Comments are closed.

Top