‘හිතුවක්කාරී’​ ​කැටුව ආ එච්.බී.ගුණරත්න ගොඩගේ සම්මානය රැගෙන යයි​

hithuwakkari-book-cover-2

නවකතාව සඳහා වන රාජ්‍ය සම්මානය දූල්වල අලංකාරේ ලියූ සුමුදු නිරාගී සෙනෙවිරත්න විසින් හිමිකර ගනු ලැබ තිබියදි නවකතාව සඳහා වූ ගොඩගේ සම්මානය හිමිකරගැනීමට හිතුවක්කාරී කැටුව ආ එච්.බී. සෙනෙවිරත්න සමත් විය.

හිතුවක්කාරී රාජ්‍ය සම්මානයේ කෙටි ලැයිස්තුව වූ කෘති තුන අතරද තිබුණු අතර ස්වර්ණ පුස්තක සම්මානය සඳහා වූ දිගු ලැයිස්තුවටද ඇතුළත් විය.

ඊට පෙර එය වයඹ පළාත් සාහිත්‍ය උළෙලේ සම්මානය හිමිකරගෙන තිබුණි.

​මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ ​18 ​වැනි වතාවටයි.​
පොත් ප්‍රකාශන ආයතනයක් විසින් පැවැත්වෙන එකම සාහිත්‍ය සම්මාන උළෙල වන්නේ ගොඩගේ සම්මාන උළෙලයි.
​මෙවර සම්මාන උළෙලේ හොඳම කෙටිකතා සංග්‍රහය ​ලෙස ​කමල් පෙරේරා​ගේ​ කූඹියා නම් ඩොලැක්ක වාදකයා කෘතියයි.​ රාජ්‍ය සම්මානයද හිමිකරගත් හොඳම කාව්‍ය සංග්‍රහය වූ දර්ශන රත්නායක​ගේ ​නැණසිළුමිණ නම් උමංදානන්දය ගොඩගේ සම්මානයද හිමිකර ගැනීම මෙහිදි කැපී පෙනුණි.
සිංහල අංශයේ සෙසු සම්මාන මෙසේ ය.
​විශිෂ්ඨතම යොවුන් නවකතාව – සම සම්මාන
අකලට ආ ඉස්කෝලේ – ගුණසේකර ගුණසෝම​
මැජික් තුවාන්ගේ ඉන්ද්‍රජාල කතන්දර– ටෙනිසන් පෙරේරා


හොඳම පරිවර්තිත නවකතාව

කසල ශෝධකයාගේ පුත්‍රයා – නිස්සංක පෙරේරා

ශාස්ත්‍රීය කෘති – සම සම්මාන
පොළොන්නරු යුගයේ කවියකු ලියූ මුවදෙව්දාවත – පණ්ඩිත සිරි තිලක සිරි
සිංහල නාට්‍යයේ ප්‍රසාංගික කලාත්මක වර්ධනය – ආචාර්ය ජයලත් මනෝරත්න
​හොඳම පුවත්පත් ලිිපි සරණිය
එකෝමත් එක රටක – දයා ද අල්විස්
විශිෂ්ඨ නිර්මාණශීලී දායකත්වය
නවකතාව
පාපදණ්ඩන – නුවන් ඉෂාර මහගමගේ
කෙටිකතා
ස්වෙත්ලානා – ලයනල් ද සොයිසා ​
​කාව්‍ය
ඉතා කෙටි කළබල සිහින – යශෝධා සම්මානී ප්‍රේමරත්න
​යොවුන් නවකතා

වරිගක්කාරයා – සුනේත්‍රා අලුත්දුන්න​

Related posts

Comments are closed.

Top