භාරත ලක්ෂ්මන් නඩු තීන්දුව හා අපරාධ මර්දනයේ අනාගතය

Gotabhaya and Duminda

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනකුට මරණ දඩුවම නියම කරමිනි.

මෑත කාලයේදී ඇතිවූ ඉතාමත් ප්‍රසිද්ධියට පත් සිද්ධියක් වුයේ භාරත ලක්ෂ්මන් ඝාතනයයි.

මෙම ඝාතනය තුලින් පෙන්නුම් කෙරුනේ, ලංකාවේ නීති ක්‍රමය කොතෙක් දුරට මුළුමනින්ම මෙන් කඩා වැටී පැවතුනා ද යන්නයි. මේ අතින් බලන කල එම නඩුවේ අපරාධකරුවන්ට විරුද්ධව සාර්ථක කඩු විභාගයක් පවත්වා ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කිරීමේ හැකියාව පැවැත්ම, ලංකාවේ නීතිය පිළිබඳ අරගලයේ දී  සෑහීමකට පත්විය හැකි කරුණකි.

එසේ වුවත් රට පුරා පවතින විශාල අපරාධ රැල්ල මර්දනය කිරීමේ දී අපරාධ නඩු ඇසීම ඉක්මන් කිරීමත්, ඒවායේ සාර්ථක ප්‍රතිපල ලබාගැනීමට හැකියාව පවතින බව පෙන්නුම් කිරීමත්, අත්‍යාවශ්‍ය වේ.

රටේ නීතියේ අඩුපාඩු

ලංකාවේ හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු ඔහුගේ නිලයෙන් ඉවත් වීමට සුළු දවස් ගණනකට පෙර කළ ප්‍රකාශයක් දැන් අන්තර් ජාලයෙන් ලබාගත හැක. එහිදී ඔහු ඉතා නිශ්චිතව පෙන්වා දී ඇත්තේ, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ දැන් පවතින නඩු ප්‍රමාණය අතිවිශාල බවත්, එකම නඩුව විනිශ්චයකරුවන් ගණනාවක් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන් ගණනාවක් ඉදිරියේ දීර්ඝ කාලයක් තුල ඇසෙන බවත්, මෙය ලංකා නීතියේ පවතින ඉතා විශාල අඩුපාඩුවක් බවත් ය.

භාරත ලක්ෂ්මන් නඩුව පිලිබඳව කරන සාකච්ඡා වල අවධානය යොමුවිය යුත්තේ නීතිය ක්‍රියාත්මක කරවා ගැනීම සම්බන්ධයෙන් ලංකාවේ පවතින මේ විශාලතම අර්බුදයයි. මෙම අර්බුදය විසඳා ගැනීමට නම් නීතිය පසිදලීමේ ප්‍රධාන සංස්ථා තුළ, එනම් අපරාධ පරීක්ෂණයේ යෙදෙන පොලීසිය, අපරාධ නඩු අභිචෝදක ලෙස කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුව, මෙන්ම අධිකරණයත් ක්‍රියාකරන ආකාරය වඩා  කාර්යක්ෂම තත්වයකට පත්කර ගැනීම අත්‍යාවශ්‍ය දෙයක් සේ පවතී.

දරුවන් සහ කාන්තාවන්

ලංකාව තාමත් බොහෝ දුරකට අතිශයෙන් කැලඹීලිකාරී තත්වයක පවතින සමාජයකි. ස්ථාවර සමාජයක් කරා ලගාවීම කාගේත් උවමනාව ලෙස පවතී. වීශේෂයෙන්ම දරුවන්ගේ ආරක්ෂාව, ස්ත්‍රීන්ගේ ආරක්ෂාව පිළිබද ප්‍රශ්නය, ඉතා ගැඹුරු ලෙස ලාංකීය ජනතාවගේ හිත් තුල පවතින විශාල ගැටලුවකි.

මේ ප්‍රශ්නය විසඳාලීමේ දී ඉක්මනින් අපරාධ පරීක්ෂණ පැවැත්වීම හා ඒවා පිළිබධව සාධාරණ තීන්දු කෙටිකාලයක් තුල ලබා ගැනීමේ  හැකියාව අත්‍යාවශ්‍ය වේ.

නීතිවේදී බැසිල් ප්‍රනාන්දු    

Related posts

Comments are closed.

Top