එක්සත් ජාතීන්ගේ නව මහා ලේකම් ධුර සටන තියුණු වෙයි

UN report -Hishan -S4

UN-building-in-NYC

එක්සත් ජාතීන්ගේ සංගමයේ නව මහා ලේකම්ධුරය සඳහා වන සටන මේ වන විට තියුණු ස්වභාවයකට පත්ව ඇති බව වාර්තාවේ.

පසුගිය සතියේදී නිලවරණය සඳහා නාම යෝජනා කැඳවා අවසන් කර ඇති අතර නව මහලේකම් තෝරාගැනීමේ සටනට අපේක්ෂක අපේක්ෂිකාවන් 12 ක් මේවන විට තරග බිමට පිවිස සිටිති. ඉන් සය දෙනෙක් ම කාන්තා පාර්ශවය නියෝජනය කරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ සංගමයේ 70 වසරක ඉතිහාසයේ කාන්තාවන් වැඩිම පිරිසක් තරග වදින අවස්ථාව මෙය වීමද විශේෂයි. එසේම කාන්තාවක් මේවනවිට මහා ලේකම් ධුරය හොබවා නැත. .

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 5ක ඡන්දයෙන් නව මහා ලේකම්වරයා තෝරාපත් කර ගැනීමට නියමිතයි. එය දී ඇත්තේ ලබන සැප්තැම්බර් 26 වැනිදා 71 වන සැසිවාරය අවසානයේ දී ය. ඉන් අනතුරුව සාමාජික රටවල අනුමැතිය සඳහා ලබන ඔක්තෝබර් මාසයේදී යොමුකිරීමට නියමිතයි.

මේ වන විට අපේක්‍ෂකත්ව සටනේ අපේක්ෂකයන් සිව්දෙනෙක් ඉදිරියෙන් සිටී. පෘතුගාලයේ හිටපු අගමැති ඇන්ටෝනියෝ ගටර්ස් , ස්ලෝවැකියානු විදේශ අමාත්‍ය මිරෝස්ලව් ලජාක්, සර්බියාවේ ව්‍යුක් ජෙරමික් සහ බල්ගේරියාවේ ඉරිනා බෝකොවා එම අපේක්ෂකයන් සිව් දෙනාය.

10NATIONS3-master675

පෘතුගාලයේ හිටපු අගමැති ඇන්ටෝනියෝ ගටර්ස්

මේ සිව් දෙනා අතුරින් පෘතුගාලයේ ඇන්ටෝනියෝ ගටර්ස් මුලික වටයේ ඡන්ද විමසීම් හතරක දී ඉදිරියෙන් සිටියේය. එසේ වුවද ආරක්ෂක මණ්ඩලයේ බහුතරයක ගේ කැමැත්ත ද ඔහුට හිමිවී තිබේ. කෙසේවෙතත් ආරක්ෂක මණ්ඩලයේ ප්‍රබලයන් දෙදෙනෙක් ගේ කැමැත්ත ඔහුට අහිමිවී තිබේ.

ආරක්ෂක මණ්ඩලයේ මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයෙක් වන රුසියාව ගටර්ස් පත්කර ගැනීමේ වැඩි කැමැත්තකින් පසු නොවේ . ඒ ගටර්ස් නැගෙනහිර යුරෝපිය ජාතියෙක් නොවන හේතුවෙනි. එසේම ඇමරිකාවේ සහයෝගයද ගටර්ස්ට අහිමිවන ලකුණු පවතී. මන්ද බටහිර රටවල වැඩි කැමැත්ත කාන්තා පක්ෂයට වීම නිසයි.

මිරෝස්ලව් ලජාක් සහ ව්‍යුක් ජෙරමික් වෙත බටහිර රටවල වැඩි කැමැත්තක් නැත. එසේම මොස්කව් රජයේ රූකඩ සඳහා ඇමෙරිකාවේ කැමැත්තද හිමි නොවේ. මෙම හේතුන් නිසා මිරෝස්ලව් ලජාක් සහ ව්‍යුක් ජෙරමික් වෙත අවාසිදායක තත්ත්වයක් ඇතිවී තිබේ.

ඇමෙරිකාවේ සහ රුසියාවේ බහුතර කැමැත්ත ඇත්තේ යුනෙස්කෝ සංවිධානයේ වත්මන් සභාපතිනිය වන ඉරිනා බෝකොවා වෙතයි. ඇය බල්ගේරියානු රජයේ නිල අපේක්ෂිකාවයි. කෙසේවතත් වෙනත් නව නාම යෝජනාවක් ඉරිනා වෙනුවට ඉදිරිපත් කිරීමට එරට රජය සුදානම් වන බවට ආරංචි පැතිර තිබේ.

10NATIONS2-master768

යුනෙස්කෝ සංවිධානයේ වත්මන් සභාපතිනිය වන ඉරිනා බෝකොවා

ක්‍රිස්ටලිනා ජෝර්ජිවා වන ඇය වෙත රුසියාවේ විරෝධය මතු වී ඇති අතර ඔවුන් පවසන්නේ ජෝර්ජිවා මුලික අපේක්ෂිකාවක් නොවන බවයි. කෙසේවෙතත් ඉරිනා බෝකොවා වෙත සිය රටෙන්ම පීඩනයක් එල්ලවී ඇත්තේ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා වෙත අපේක්ෂිකත්වය පිරිනමන ලෙසටයි.

Related posts

Comments are closed.

Top