අල්ලස් කොමිසමට අපහාස කළාට නාමල්ට චෝදනා පත්‍රයක්

namal-rajapaksa

අල්ලස් කොමිසම මගින්  නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව පවත්වනු ලබන පරීක්ෂණයකට ඔහු සහභාගී නොවීම තුළින් එම කොමිසමට අපහාසයක් සිදුවී ඇති බවට  අල්ලස් කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඔක්තෝබර් 03 වැනිදා හෝ ඊට පෙර චෝදනා පත්‍ර බාරදෙන දෙන ලෙස අධිකරණය නියෝග කර ඇත.

එම නියෝගය ලබා දී ඇත්තේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු  මඩුල්ලක් විසින් බවයි ගගන වාර්තාකරු පැවසුවේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂගේ නීතීඥයන් විසින්  මූලික විරෝධතා ගොනුකරමින් අධිකරණය හමුවේ කියා සිටියේ එවැනි පැමිණිල්ලක් ගොනු කිරීමට අල්ලස් කොමිසමට බලයක් නොමැති බවයි.

කෙසේ වෙතත් ඔහුන් විසින් ගොනුකළ මූලික විරෝධතාව අගවිනිසුරු කේ ශ්‍රීපවන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල  විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩු විභාගය ඔක්තෝබර් මස 14දා කැඳවන ලෙස ප්‍රකාශ කර ඇත.

Related posts

Comments are closed.

Top