වෙඩිවර්ධනගේ දුස්ටකමේ සවුන්දර්යයේ සහෘදාගමනය

Manjula Dushta illustration

වෘත්තීය මාධ්‍යවේදියකු ලෙස කළ කටයුතු හේතුවෙන් ෆ්‍රන්සයේ ස්වයං පිටුවහලක වෙසෙන්නට බල කොට තිබියදී වුව ස්වකීය භාෂාවත් සාහිත්‍යයත් පෝෂණය කිරීම වෙනුවෙන් නිර්මාණාත්මක මැදිහත්වීමක නිරත වන මංජුල වෙඩිවර්ධන කෙටිකතා හයකින් සමන්විත ‘දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා’ සහෘදයන් අතට පත් කර ඇත.

එය ‘සම’ ප්‍රකාශනයකි.

අනූව දශකය මූලාරම්භයේ සිට සාහිත්‍යකරණයේ නියැලෙන මංජුල වෙඩිවර්ධන මුද්‍රිත ග්‍රන්ථකරණයට පිවිසියේ 1997දී ෂේන් මැකෙල්වි සමඟ කළ ‘නිරුත්තර සමාධිය’ කාව්‍ය සංග්‍රහය සමඟයි.

ඉන් පසු ඔහු කාව්‍ය සංග්‍රහ හතක් පළ කර ඇත. ඔහු වසර 2000 දී පළ කළ ‘මේරි නම් වූ මරියා’කෙටිකතා කෘතිය කතෝලික සභාවේ සහ රජයේ ඍජු මැදිහත්වීමෙන් වසර ගණනාවක් පුරා දිග්ගැස්සුණු අපරාධ හා සිවිල් නඩු ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙස තහනමට ලක්වූයෙන් ඔහුගේ ගද්‍ය සාහිත්‍යය, සහෘදයා අතට පත්වීම පමාවිණ.

ඒත් 2007 වසරේදී ඔහු ‘බත්තලංගුණ්ඩුව’ නවකතාව පළකරමින් සහෘද-විචාරක අවධානය යළිත් තමන් වෙත නතු කර ගත්තේ ය.

‘දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා’, වෙඩිවර්ධන තමන් දිවි ගෙවූ රත්මලාන නගරය පදනම් කරමින් ලියන්නට සැළසුම් කර ඇති කෙටි කතා නිර්මාණාවලියක පළමුවැන්නයි.

මෙම කෘතියේ කවරය, ජැකැට්ටුව, ඇතුළත චිත්‍ර සහ කෘතියේ සමස්ථ සැළසුම සිදුකෙරුණේෙ ‘මූනියැක්’ වෙනුවෙන්, පැතුම් එගොඩවත්ත, රජිත පවිත්‍ර මධුභාෂ හා කෝසල සෙනෙවිරත්න විසිනි.

Related posts

Comments are closed.

Top