තවත් සමුහ මිනීවළක් පිළිබද මන්නාරමින් පරීක්ෂණ

22

මන්නාරම ප්‍රදේශයේ මිනිස් සිරුරු වළදමා ඇති බවට සැලකෙන තවත් සමූහ මිනීවළක් පිළිබඳව කැනීම් සිදු කිරීමට මන්නාරම් මහෙස්ත්‍රාත් ඇලෙක්ස් රාජා නියෝග කොට ඇති බවට වාර්තා වේ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට පෙන්වා දී ඇත්තේ මන්නාරම් තිරුකේදීස්වරන් සමූහ මිනී වලට ආසන්නයේ පිහිටා තිබූ ළිඳක් සමීපයේ තවත් මළ සිරුරක් පිළිබඳව තොරතුරු අණාවරණය වී ඇති හෙයින් එයද කැනීමේ කටයුතු සිදු කිරීමට අවසර ලබා දෙන ලෙසයි.

ඒ අනුව මන්නාරම මහේස්ත්‍රාත් වරයා පසුගිය  (27දා)  සවස මිනි වළ සොයාගත් ස්ථානයට ගොස් මිනින්දෝරු දෙපාර්තමේන්තු සහ පොලිස් නිලධාරීන් සහය ඇතිව අදාළ ස්ථාන නිරීක්ෂණය කර ඇත.

මන්නාරම් මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග දී ඇත්තේ කැනීම් කටයුතු නඩු භාණ්ඩ වලට හානියක් නොවන අයුරින් සිදු කළ යුතු බවයි. ඒ අනුව එම ස්ථානයට වාහන ඇතුළුවීම අවහිර කොට එහි ආරක්ෂාව ශක්තිමත් කර ඇත.

11

33

44

54

 

Related posts

Comments are closed.

Top