‘දෙමළ පිබිදීම’ ට එක්වන ලෙස උතුරේ මහ ඇමැතිගෙන්  ඇරියුම්

Elaghu thamil leafletting

දෙමළ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් යාපනයේ පැවැත්වීමට නියමිත බහුජන උද්ඝෝෂණයකට සහභාගී වන ලෙස උතුරේ මහ ඇමැති වරයා විවෘත ආරාධනයක් සිදු කොට ඇත.

උතුරේ හමුදාකරණයට, සිංහලකරණයට සහ බෞද්ධකරණයට එරෙහිව දෙමළ ජනතා සභාව විසින් 24 සෙනසුරාදා දියත් කිරීමට සැලසුම් කර ඇති ‘දෙමළ පිබිදීම’ (එලුක තමිල්) උද්ඝෝෂණය වෙනුවෙන් නිකුත් කර ඇති ප්‍රකාශයකින් මහ ඇමැති සීවී විග්නේස්වරන් පවසා ඇත්තේ රජය විසින් උතුරේ ජනතාවට දෙන ලද කිසිදු පොරොන්දුවක් ඉටු කොට නැති බවයි.

“යුද හමුදාව වාඩිලාගෙන සිටින පුරවැසියන්ගේ ඉඩම් සහ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමටත්, අතුරුදහන් වුවන් සොයා දීමටත්,” රජයට බල කිරීමට එක්වන ලෙස මහ ඇමැති වරයාගේ ලිපියෙන් ඉල්ලා තිබේ.

උතුරේ දහස් ගණනක් අනාථ කඳවුරු වල දිවි ගෙවද්දී වවුනියාව, යාපනය හා මුලතිව් දිස්ත්‍රික්කවල සිංහල පවුල් දහදාහක් රජය විසින් අලුතින් පදිංචි කර ඇතැයිද දෙමළ ජනතා සභාව චෝදනා කරයි.

‘දෙමළ පිබිදීම’ ට එක්වන ලෙස ඉල්ලා දෙමළ සිවිල් සමාජ සංසදය, දෙමළ ජාතික ජනතා පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් පක්ෂ ද නියෝජනය කරන දේශපාලකයන් සහ බහුජන නියෝජිතයන් යාපනය නගර මධ්‍යයේ අත් පත්‍රිකා බෙදනුද, පෝස්ටර් අලවනුද දක්නා ලදී.

Related posts

Comments are closed.

Top