හාවා පරදවා ඉබ්බා ඇත්තටම ජයගනී | VIDEO

hare and the tortoise

හාවකු සමග තරගයට දිවීමෙන් ඉබ්බකු සත්‍ය වශයෙන්ම ජයගැනීම දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල අවුළුවමින් සිටී.

හාවා පරදා ඉබ්බා ජයගත් කතාව මුල්වරට වාර්තා කර තිබුනේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේ විසූ බවට විශ්වාස කෙරෙන ග්‍රීක උපමා කතාකාර ඊසොප් විසිනි.

Posted by Gagana ගගන on Wednesday, October 12, 2016

ඊසොප්ගේ සමයේ නොතිබූ තාක්ෂණික පහසුකම් යොදා ගනිමින් එයින් අවුරුදු  2600 කට වැඩි කලකට පසු මේ ඓතිහාසික ඉබි ජය රූගත කොට තිබුනේ ඔක්තෝබර් 8 දා තායිලන්තයේ බැංකොක් නුවර පැවති සත්ව සුරතලුන්ගේ ප්‍රදර්ශනයකදීය.

 

Related posts

Comments are closed.

Top