මුල්‍ය අපරාධ චෝදනා යටතේ අත් අඩංගුවට ගන්නා ලද කෝටිපති ව්‍යාපාරික තිරුක්කුමරන් නඩේසන් ඇප පිට මුදා හළ අධිකරණය ඔහුට විදේශ සංචාර වල යෙදීම තහනම් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාති සොයුරි නිරූපමා රාජපක්ෂ ගේ සැමියා වන තිරු නඩේසන් මුල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් අත් අඩංගුවට ගන්න ලද්දේ ඉඩමක් මිලදී ගැනීම සඳහා ඉකුත් පාලන සමයේ රුපියල් හයකෝටියකට අධික මුදලක් උපයා ගත් අයුරු පැහැදිලි කිරීමට අපොහොසත් වීම හේතුවෙනි.
මල්වාන ගඟබඩ මාපිටිගම අක්කර 16 ක ඉඩමක් 2010 නොවැම්බර 25 වැනි දා රුපියල් හය කෝටි හතළිස් ලක්ෂයකට ඔහු විසින් මිලදී ගෙන ඇති බව මුල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් අධිකරණයට දැනුම් දී තිබුනි.
ඉඩමේ ගොඩ නගමින් තිබු අධි සුඛෝපභෝගී නිවාසයේ ඉදි කිරීම් කටයුතු නව රජය බලයට පත්වීමත් සමග අත් හිටුවා තිබේ.
ඉඩමේ වර්තමාන හිමිකරු ලෙස නම සඳහන් වාස්තු විද්‍යාඥ මුදිත ජයකොඩි මෙන්ම ඉඩමේ හිමිකරුවකු ලෙස ප්‍රකාශයට පත්වුණු හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ දෙදෙනාම තම අයිතිය ප්‍රතික්ෂේප කිරීම නිසා එම දේපල වෙන්දේසි කරණ ලෙස පුගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණ විසින් නියෝග කරන ලදී.
අදාළ ඉඩම මිලදී ගන්නා ලද්දේ තිරුක්කුමරන් නඩේසන් විසින් බවයි මුදිත ජයකොඩිගේ නීතිඥ තුෂිර මැලැව්වෙතන්ත්රි කියා සිටින්නේ.
ඒ වෙනුවෙන් වැය කළ මුදල් ප්‍රමාණය ලෙස ලිපි ලේඛන වල දක්වා ඇත්තේ සත්‍ය සංඛ්‍යාලේඛන නොවන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.