8 වැනි පාර්ලිමේන්තුව අද රැස්වෙයි- විපක්ෂ නායකධුරයට පස් කොන් සටනක්

senkolaya-gagana

අටවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද උත්සවාකාරයෙන් උදැසන 9.30 ට ආරම්භ කිරීමට නියමිතයි

අද රැස්වන පාර්ලිමේන්තුවේ රාජාසන කතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සවස 3.00 ට පැවැත්වීමට නියමිත අතර ඔහු පාර්ලිමේන්තු සැසිවාරයක්‌ අරඹමින් සිදුකරන ප්‍රථම රාජාසන කතාව ද මෙය වේ

ජාතික ආණ්‌ඩුවේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් මෙහිදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය

මේ අතර පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය වෙනුවෙන් මේ වන විට පස්කොන් සටනක් නිර්මාණය වී තිබෙන බවට දේශපාලන ආරංචි මාර්ග වල දැක්වේ

එම ආරංච් වාර්තා වන අන්දමට විපක්‍ෂ නායක ධුරයට චමල් රාජපක්‍ෂ, කුමාර වෙල්ගම, ආර්. සම්බන්දන්, දයාසිරි ජයසේකර සහ අනුර කුමාර දිසානායක යන මන්ත්‍රිවරුන් අතර සිතල යුද්ධයක් හටගෙන තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට විපක්‍ෂ නායක ධුරය හිමිවිය යුතු බවට පිරිසක් ඉල්ලා සිටින අතර, එ.ජා.ප. සන්ධාන එකතුව, ජාතික ආණ්ඩුවක් ගොඩනඟන බැවින් විපක්‍ෂ නායක පදවිය හිමිවිය යුත්තේ දෙමළ ජාතික සන්ධානයට බව එහි නායක සම්බන්දන් ද ප්‍රකාශ කර තිබේ

එමෙන් ම විපක්‍ෂ නායක ධුරය ලබාගැනීමේ අයිතියක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හෝ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට නොමැති බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ද මාධ්‍යට පවසා ඇත

විපක්‍ෂ නායක විය යුත්තේ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌ මිස ආණ්‌ඩුව සමඟ සිටින පක්‍ෂයක මන්ත්‍රීවරයෙක්‌ නොවන බව පෙන්වා දෙන අනුර කුමාර දිසානායක යම් ලෙසකින් ආණ්‌ඩුවේ සිටින පක්‍ෂයක මන්ත්‍රීවරයකුට විපක්‍ෂ නායක ධුරය දුන්නොත් ඊට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අරගල කරන බව ද ප්‍රකාශ කර තිබේ

මේ අතර නව පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය සඳහා අර්බුදයක් පැන නැඟුනහොත් ඒ සම්බන්ධයෙන් මුලසුනෙන් නියෝගයක් බොහෝ දුරට ලැබෙනු ඇතැයි ද පැවසේ

කතානායකයාගේ පත්කිරීමෙන් අනතුරුව ඔහු සියධුරයේ දිවුරුම් දෙන අතර පසුව අභිනව මන්ත්‍රීවරු දෙසිය විසිහතර දෙනාත් මන්ත්‍රීවරුන් ලෙස ප්‍රතිඥ දෙති. ඉන් පසුව නියෝජ්‍ය කථානායක සහ කාරක සභා නියෝජ්‍ය සභාපති තෝරා පත්කර ගැනීම සිදුකරයි

මෙම අවස්‌ථාවට මෙරට සිටින විදෙස්‌ තානාපතිවරුන් ඇතුළු විදෙස්‌ දූත පිරිස්‌වලට ද ආරාධනා කර ඇති අතර පාර්ලිමේන්තු ගැලරිය ආරාධිතයන්ට පමණක්‌ සීමා කර ඇත

Related posts

Comments are closed.

Top