ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත්වෙනවා -රුසියානු ජනපති

vladimir_putin

ජාත්‍යන්තර අපරාධ අධිකරණය සම්බන්ධ ගිවිසුම්වලින් රුසියාව ඉවත්කරගැනීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් තීරණය කර තිබේ.

රුසියානු ජනාධිපතිවරයා එරට අධිකරණ අමාත්‍යාංශයට හා විදේශ අමාත්‍යාංශයට මෙසේ නියෝග කර ඇත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය තවදුරටත් ස්වාධීන ආයතනයක් නොවන බව ප්‍රකාශ කරමිනුයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ටද මෙම තීරණය දැනුම් දෙන ලෙස රුසියානු ජනාධිපතිවරයා එරට විදේශ අමාත්‍යාංශයට දන්වා ඇත.

The Hague NL International criminal court.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය- හේග් -නෙදර්ලන්තය

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුතර කරන රුසියානු විදේශ අමාත්‍යාංශයද පෙන්වා දෙන්නේ, මෙම ජාත්‍යන්තර අපරාධ අධිකරණය ස්වාධීනව කටයුතු කිරීමට මේ වනවිට අපොහොසත්ව සිටින බවයි.

Related posts

Comments are closed.

Top