ISIS ගැන ඇමැති විජයදාස රාජපක්ෂට මුස්ලිම්වරුන්ගෙන් අභියෝගයක්

Wijayadasa Ranil Sirisena

 

අධිකරණ අමාත්‍ය වරයා රටේ සාමයට බාධා වන ප්‍රකාශ සිදු කරන බවට රටේ මුස්ලිම්වරුන්ගේ හෙලා දැකීමට ලක්වී තිබේ.

 

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් පිරිසක් සිරියාවේදී ඉස්ලාම් අන්තවාදී  සංවිධානයකට බැඳී ඇති බවට විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා කරන චෝදනාව රට විනාශ කිරීමේ අවශ්‍යතාවෙන් පෙලෙන ජාතිවාදීන්ට අනුබල දීමක් බව ශ්‍රී ලංකා මුස්ලිම් සභාව පවසයි.

 

ශ්‍රී ලාංකික පවුල් හතරකට සම්බන්ධ 32 දෙනෙකු සිරියාවට ගොස් ISIS හෙවත් ‘ඉස්ලාමීය රාජ්‍යය’ කැරලිකාර සංවිධානයට සම්බන්ධ වී තිබෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ නොවැම්බර් 18 පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය අභියෝගයට ලක් කරන මුස්ලිම් සභාව චෝදනා ඔප්පු කරන ලෙස අභියෝග කර සිටී.

 

අමාත්‍යවරයා මේ කතා කරන්නේ මීට වසරකට ඉහතදී පළවූ වාර්තාවක සඳහන් කරුනු සම්බන්ධයෙන් බව පෙන්වා දෙමින් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා මුස්ලිම් සභාවේ සභාපති එන් එම් අමීන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

 

බුද්ධි අංශ වලට උදව් 

 

“ඔහුගේ ප්‍රකාශයේ ඇතැම් කොටස් අන්තවාදී භික්ෂුවක් වන ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් වමාරනු ලබන වෛරක්කාරී ප්‍රකාශ වල එන වචන මෙනි,” යි එන් එම් අමීන් සඳහන් කරන ලෙසයි.

 

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන ලෙස විජයදාස රාජපක්ෂ විසින් ඉස්ලාමීය ආයතන කිහිපයක් පාර්ලිමේන්තුවේ දී නම් කිරීම පිළිබඳ විරෝධය පලකරන ශ්‍රී ලංකා මුස්ලිම් සභාව ඒවා ඇමැතිවරයා කියන ආකාරයේ කිසිදු ප්‍රචණ්ඩ කටයුත්තකට දායක නොවන බව අවධාරණය කර තිබේ.

 

මුස්ලිම්වරුන් පිරිසක් සිරියාවට ගොස් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට බැඳුනු බවට ඉකුත් වසරේ වාර්තාවූ අවස්ථාවේ ඔවුන් හඳුනා ගැනීම සඳහා තමන් සමග ජමියතුල් උලමා සභාව ඇතුළු මුස්ලිම් ප්‍රජාව බුද්ධි අංශ වලට සහාය වූ බවද ශ්‍රී ලංකා මුස්ලිම් සභාව තම නිවේදනයෙන් සිහිපත් කර දෙයි.

 

Related posts

Comments are closed.

Top