2017 වසර නිමවීමට මාසයක් තිබිය දී පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීම පිළිබඳව සැකයක් මතුවී ඇතිබව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
සඳුදා (28දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ඉන්ධන, ලිපි මිලදී ගැනීමට හෝ වැටුප් ගෙවීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට සාධාරණයි, නමුත් වසර නිමවීමට මාසයක් පමණක් තිබිය දී පරිපූරක ඇස්තමේන්තුවක්, වාහන මිලදී ගෘහ භාණ්ඩ හා විදේශ සංචාර සඳහා මුදල් වෙන් කිරීමට පිණිස ඉදිරිපත් කිරීම පිළිබඳව සැක උපදවන්නක්. එසේම දැනටමත් මෙම වාහන ගෘහ භාණ්ඩ මිලදී ගෙන ඇත්දැයි යන සැකයද මතුවෙනවා ” මන්ත්‍රී ගම්මන්පිල සඳහන් කළේය.
”
මේ පරිපූරක ඇස්තමේන්තුව හරහා රටට ලැබෙන පණිවුඩය තමයි මේ ආණ්ඩුවට සුව කළ නොහැකි රථ ගායක් සහ රට ගායක් තිබෙන බව. මේ වසරේ තව මාසයයි ඉතිරි වෙලා තිබෙන්නේ. මිලදී ගැනීමේ ක්‍රියාවලියට මාසයකට වඩා යනවා. එසේ නම් තව මාසයක් ඉවසාගෙන ඉන්නේ නැතුව මේ ඇස්තමේන්තුව ඉදිරිපත් කරන්නේ ඇයි?” යනුවෙන්ද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළේය.