ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වන සංවත්සර සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද උත්සව සභාවට මීට සුළු මොහොතකට පෙර සහභාගී වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වන සංවත්සර සැමරුම් උත්සවය පොලොන්නරුව කඳුරුවෙල නවෝද්‍යා ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.