දෙමළ ජාතික සන්ධානයේ විපක්ෂ නායක ඉල්ලීමට එජනිස විරෝධය

udaya_gammanpila-3-gagana

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කිරීමට දෙමළ ජාතික සන්ධානය දරන උත්සාහයට පිවිතුරු හෙළ උරුමයේ නායකයා ඇතුළු පිරිසක් සිය විරෝධය දක්වති

මේ පිළිබඳව කළ විමසුමකදී එජනිස හවුල්කාර පක්ෂයක් වන  පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කරන්නේ දෙමළ ජාතික සන්ධානය ට එවැන්නක් සිදු කිරීමට අයිතියක් නොමැති බවයි.

” ඔවුන්ට වෙනම න්‍යාය පත්‍රයක් තිබෙනවා. ඒ වගේම ඔවුන් සියලුම පක්ෂ විරුද්ධවී ඇති යුද අපරාධ විමර්ශනය සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා. ඔවුන් නියෝජනය කරන්නේ උතුරු නැගෙනහිර පමණයි. මේ නිසා වැඩිපුර ආසන ප්‍රමාණයක් තිබුනත් ඔවුන්ට විපක්ෂයේ සිටීමට බැහැ,” යනුවෙන් උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි

නිමල් වෙල්ගම 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය හවුලේ  ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව වැඩිම ආසන ප්‍රමාණයක් හිමි පක්ෂය ලෙස තම සන්ධානයේ නායක ආර් සම්බන්ධන් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව විපක්ෂ නායක ලෙස පිළිගත යුතු බව දෙමළ ජාතික සන්ධානය  ප්‍රකාශ කර තිබේ.

ඒ සමඟම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් විපක්ෂ නායක තනතුර වෙත මේ වන විටත් නිමල් වෙල්ගම ගේ නම යෝජනා කරමින් එජනිස මන්ත්‍රීන් 55 දෙනකුගේ අත්සන් සහිත ලියවිල්ලක් ජනාධිපතිවරයාට බාර දී තිබෙන බවද උදය ගම්මන්පිල සඳහන් කළේය

මේ වනවිට හිටපු ජනාධ්පති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලනිප පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබෙන බව ද වාර්තාවේ

Related posts

Comments are closed.

Top