මත්තල වී ගබඩා කිරීම නාමල් හෙලා දකී

 

namal

රටපුරා ප්‍රමාණවත් වී ගබඩා පහසුකම් තිබියදී මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වී ගබඩා කිරීමට යොදා ගැනීම බලවත් සේ හෙලා දකින‘ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

සිය ට්විටර් ගිණුමේ හා ෆේස්බුක් පිටුවේ පණිවුඩයක් තබමිනුයි ඔහු මේ බව සදහන් කර ඇත්තේ.

ma 01

වත්මන් රජය විසින් මත්තල ගුවන් තො‍ටුපළේ භාවිතයට නොගන්නා කාගෝ ගබඩාව වී ගබඩාවක් කිරීමට ගත් ක්‍රියා පිළිවෙත අනුව වී පැට වු ලොරී දෙකක් අද එම ස්ථානයට ළඟාවීමත් සමග ප්‍රදේශවාසීන් පිරිසක් විසින් විරෝධතාවක් පල කරන ලදී.

කෙසේ වුවද පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී දිසානායක කියා සිටියේ  මත්තල ගුවන් තොටුපළේ දැනට භාවිතයට නොගන්නා කොටසක් වී ගබඩා කිරීම සඳහා තාවකාලිකව යොදාගන්නා බවයි.

ma 02

 

‘ප්‍රමාණවත් ගබඩා නෑ’

නාමල් රාජපක්ෂ සදහන් කරන පරිදි රටපුරා ප්‍රමාණවත් වී ගබඩා තිබේද යන්න පිලිබදව ගගන කළ විමසීමකදී ගොවිජන සම්මේලනයේ ප්‍රකාශකයෙක් සදහන් කළේ වී මිලදී ගැනීම සදහා වී අලෙවි මණ්ඩලය සතුව ප්‍රමාණවත් ගබඩා රට තුල නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ගොවිතැන් කටයුතු සිදු කරන කොළණි ප්‍රදේශ තුලවත් වී  ගබඩා ප්‍රමාණවත් තරම් නොමැති බව ඔහු පවසයි.

 

Related posts

Comments are closed.

Top