මනිපූර් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩත්වයෙන් අටක් මරුට

manipur-protest.jpg.image.975.568

ඊසානදිග ඉන්දියාවේ මනිපුර් ප්‍රාන්තයේ ගෝත්‍ර අයිතිවාසිකම් නීති මුල් කරගෙන උද්ඝෝෂණයක නිරත වූ විරෝධතා කරුවන් සහ ප්‍රාන්ත පොලිසිය අතර ඇතිවූ ගැටුම් වලින් පුද්ගලයන් අට දෙනකු මියගොස් ඇති බව බලධාරීහු පවසති.

මනිපුර් ප්‍රාන්තයේ පසුගිය සඳුදා පටන් ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්වය හේතුවෙන් මේ වන විට තිහකට අධික පිරිසක් තුවාල ලබා ඇත.

කෝපයට පත් පිරිස් විසින් ප්‍රාදේශීය නීති සම්පාදකයන් හය දෙනකුගේ නිවාස වලට ගිනි තබා ඇති අතර ප්‍රාන්තයේ සමහර දිස්ත්‍රික්ක වල ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

mani

ආන්දෝලනයට ලක් වූ පනත් කෙටුම්පත් තුනක් හරහා ස්වදේශිකයන්ට වැඩි අයිතිවාසිකම් ලබා දීමට උත්සාහ කිරීම සුළු ගෝත්‍ර කෝපයට පත් කිරීමටත් උද්ඝෝෂණ ඇති කිරීමටත් හේතු වී තිබේ.

ගැටුම් සමතයකට පත් කොට ප්‍රාන්තයේ සාමය ස්ථාපිත කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ආරක්ෂක හමුදා ලබා දීමට ඉදිරිපත් ව සිටියි.

Related posts

Comments are closed.

Top