බදුලු කෝච්චියේ බෝම්බ කතාව බොරුවක් | VIDEO

කොළඹින් බදුල්ල බලා යන රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව පවසමින් ආරක්ෂක අංශ විසින් කරන ලද මෙහෙයුමක් නිසා මගීන් අපහසුතාවට පත් වී තිබේ.

කොටුව දුම්රිය ස්ථානයෙන් 26 රාත්‍රී අටට පිටත් වීමට තිබු තැපැල් දුම්රියේ මගීන් ඉවත් කර සිදු කරන ලද පරීක්ෂාව නිසා පැය 2කට අධික කාලයක් දුම්රිය ගමන ප්‍රමාද වූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

මගීන් දහසකට ආසන්න පිරිසක් ඉවත් කර පොලිස් විශේෂ කාර්ය බලකාය හා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් දුම්රියේ බෝම්බ සොයන ලද්දේ පොලීසියට ලැබුනු ඔත්තුවකින් අනතුරුවයි.

කොටුව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ සැකකටයුතු කිසිවක් සොයාගන්නට නොතිබුනු බවයි.

බොරු ඔත්තුව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ඉයවර විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇමතීමට අප ගත උත්සාහය සාර්ථක වුයේ නැත.

Related posts

Comments are closed.

Top