පිල්ලෙයාන් යළිත් රිමාන්ඩ් | VIDEO

එකොලොස්  වසරකට ඉහත දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන වසරේ ජනවාරි  11  දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකාර පිල්ලෙයාන් 28 බදාදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මඩකලපුව මහේස්ත්‍රාත්  විසින් ඔහු යළිත් දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ බවයි ගගන මඩකලපු වාර්තාකරු පවසන්නේ.

මඩකලපුව ශාන්ත මරියා දෙව්මැදුරේ නත්තල් පූජාවට සහභාගි වෙමිින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් 2005.12.25 දින ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකපිට 2015.10.09 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් චන්ද්‍රකාන්තන් අත් අඩංගුවට ගන්නා ලදි.

Related posts

Comments are closed.

Top