ටිරාන් අත්අඩංගුවට ගන්න සාධාරණ හේතු නැහැ -ශ්‍රේෂ්ඨාධිකරණය

tiran-alas-gagana

සුනාමි ව්‍යසනයෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකරදීමට පිහිටුවූ රාඩා ආයතනයේ මූල්‍ය වංචාවන්ට අදාළව එහි සභාපතිවරයා වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්‌ අත්අඩංගුවට ගැනීමට තරම් කිසිදු සාධාරණ හේතුවක්‌ නොමැති බවද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේය

තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ටිරාන් අලස්‌ යොමුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය ටිරාන් අලස්‌ අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටින ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු එසේ තහනම් නියෝගයක්‌ නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අලස්‌ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට කැඳවන ලෙසද වැඩිදුරටත් නියෝග කළේය

පොලිස්‌පතිවරයා, පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂවරයා, එහි ස්‌ථානාධිපතිවරයා හා පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා හා නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ටිරාන් අලස්‌ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබිණි

අගවිනිසුරු කේ  ශ්‍රීපවන් හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන රෝහිණී මාරසිංහ හා ඊවා වනසුන්දර හමුවේ මෙම පෙත්සම විභාගයට ගැණුනි

පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ලබන නොවැම්බර් 19 දා කැඳවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය

Related posts

Comments are closed.

Top