දකුණු අප්‍රිකාව ප්‍රබල තත්වයක -රංගන ගෙන් වාර්තාවක්

ළහිරු කුමාර

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර  පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු දිනයට තරගය නිමා කරන විට කඩුලු 6ට ලකුණු 297ක් රැස්කරගෙන සිටියි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහර දීමට සිය ප්‍රතිවාදීන්ට ඇරයුම් කළේය.

ඩීන් එල්ගාර් ශතකයක් (129) රැස්කරමින් දකුණු අප්‍රිකා ඉනිම ශක්තිමත් කළේය.

මිට අමතරව ක්වින්ටන් ඩි කොක් නොදැවී ලකුණු 68 ක් ලබා ක්‍රීඩා කරයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවක පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර කඩුලු තුනක් දවාගත්තේය.

මීට අමතරව සුරංග ලක්මාල් කඩුලු 2ක් ද රංගන හේරත් එක කඩුල්ලක් ද දවා ගත්හ.

රංගන ගෙන් වාර්තාවක්

රංගන හේරත් විසින් දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ෆෆ් ඩු ප්ලේසිස් දවා ගැනීමත් සමඟම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් දෙවන ක්‍රිඩකයා ලෙස චමින්ද වාස් තබා තිබූ වාර්තාව සම කිරීමට ද සමත්විය.

ඒ අනුව රංගනගේ සමස්ත ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 355ක් දක්වා ඉහළ ගිය අතර එය චමින්ද වාස් දවාගෙන තිබූ කඩුලු ප්‍රමාණය සමකිරීමක් විය.

තවත් එක් කඩුල්ලක් දවාගත හොත් ඔහුට ඩෙනිස් ලීලී හා චමින්ද වාස් අභිබවා යාමට අවස්ථාව ලැබෙයි.

Related posts

Comments are closed.

Top