STF විභාගය ජනවාරි 7 කොළඹදී

ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බලකායේ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් බඳවා ගැනීමේ ලිඛිත පරීක්ෂණය මේ මස 7 වැනි දින කොළඹ 13, කොටහේන, විවේකානන්ද මහා විද්‍යාලීය විභාග මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.

එම විභාගය මෙදින පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා පැවැත්වෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙම විභාගයට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට අයදුම්කරුවන් වෙත තැපැල් මඟින් යවා ඇති අතර එම ප්‍රවේශ පත්‍ර විභාගය පැවැත්වෙන දිනට පෙර ලැබී නොමැති නම් විභාගය සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ට 011 2430362 දූරකතන අංකය ඔස්සේ විමසීම් සිදු කර විභාග ප්‍රවේශපත්‍රය ලබා ගැනීමට හැකියාව ඇති බව රජය වැඩි දුරටත් සදහන් කරයි.

 

Related posts

Comments are closed.

Top