දෙමළ මහවිරු සමාධියක් ඉදි කිරීමට පොලිසිය හරස් වෙයි | VIDEO

ශ්‍රී ලංකා රජයේ යුද හමුදා විසින් බිමට සමතලා කරන ලද කිලිනොච්චියේ  මහවිරු සුසානයක් නැවත පාදාගෙන එහි පොදු සමාධියක්  ඉදිකිරීමට උත්සාහ දැරූ පස්දෙනෙක් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

කනගපුරම් සුසානයේ එම ඉදිකිරීම කරමින් සිටි  හිටපු  එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පස්දෙනා  රුපියල් පනස් දහස බැගින් වු ශරීර ඇප මත කිලිනොච්චි දිසා අධිකරණය විසින් 6 සිකුරාදා නිදහස් කළ බවයි ගගන කිළිනොච්චි වාර්තාකරු පවසන්නේ.

සුසානභුමියේ ඉදිකිරීමක් කරන බවට කරච්චි ප්‍රාදේශිය සභාවේ ලේකම් කේ සම්සනාදන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව කිලිනොච්චි පොලිසිය විසින් එය 5 බ්‍රහස්පතින්දා දිනයේ තහනම් කොට තිබුනි.

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පස්දෙනා ඊයේ පොලිසියට කැටුව ගොස් කරන ලද දැනුම් දීම පරිදි ඔවුන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ට දඩුවම් ලබා දෙන ලෙස පොලිසිය විසින් කරන ලද ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරණ ලද බවයි ගගන වාර්තාකරු පවසන්නේ.

සුසාන භුමියක ඉදිකිරීමක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ක්‍රියාත්මක කළ නොහැකි බවයි විනිසුරුවරයා එහිදී පොලිසියට දන්වා ඇත්තේ.

ප්‍රාලේ සමාව ඉල්ලයි

කෙසේ නමුත් සුසානයේ ඉදිකිරීම් කටයුතු වලට බාධා කිරීම සම්බන්ධයෙන් කරච්චි ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා අධිකරණයෙන් සමාව ඇයද සිටි බවද ගගන කිලිනොච්චි වාර්තාකරු වැඩි දුරටත් සදහන් කරයි.

ඇප මත නිදහස ලැබු හිටපු කොටි සාමාජිකයන් පසුදෙනාට පෙබරවාරි 20 දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.

යුද්ධයෙන් දිවි අහිමිවූ සිය නෑසියන් සිහිපත් කොට දහස් සංඛ්‍යාත දෙමළ ජන සහභාගිත්වයකින් යුතුව 2008න් පසු පළමු වතාවට මහවිරු දිනය පසුගිය වසරේදී  කිලිනොච්චියේ කනගපුරම් මහවිරු සුසාන භුමියේ සැමරීමට දෙමළ ජනතාව කටයුතු කර තිබුණි.

ශ්‍රී ලංකා රජයේ යුද හමුදා විසින් බිමට සමතලා කිරීමට පෙර කනගපුරම් මහවිරු සුසාන භූමියේ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 1213 දෙනකුගේ සුසාන හා සැමරුම් ස්මාරක 755 ක්ද ඉදි කර තිබුනි.

 

 

 

 

Related posts

Comments are closed.

Top