ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුවේ ඇමැති ධුර සංඛ්‍යාව 93ක් දක්වා ඉහල නැංවීමට පාර්ලිමේන්තුව අද අනුමැතිය ලබා දුන්නේය.
නව පාර්ලිමේන්තුවේ මුල්ම ඡන්ද විමසීම සඳහා කැබිනට් මණ්ඩලයේ ඇමැති සංඛ්‍යාව 48ක් කිරීමටත් නියෝජ්‍ය ඇමති වරුන්ගේ ප්‍රමාණය 45ක් කිරීමටත් අගමැති රනිල් වික්‍රමසිංහ ගෙනා යෝජනාව පක්ෂව මන්ත්‍රීවරු 143 දෙනෙක් ඡන්දය දුන්හ.
විරුද්ධව ඡන්දය දුන්නේ 16 දෙනකු පමණි.
63 දෙනකු ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ සිටියේ නැත.
ඊළඟ පාර්ලිමේන්තු සභාවාරය රැස් වන්නේ සැප්තැම්බර් 22 දාය.