ලිංගික හිංසනය මගින් හමුදාව බලය පතුරුවන බවට වාර්තාවක්

 

Tamil women Victim

ප්‍රදේශය පුරා රඳවා සිටින භට පිරිස් වල ලිංගික දුෂණයට සහ අඩන්තේට්ටමට උතුරු දිග ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගොදුරු කර ගැනීම මගින් තම ආධිපත්‍යය පතුරුවන්නට යුද හමුදාව කටයුතු කරන බව දිස්වන්නේ යයි යුද්ධයෙන් ගතවූ හය අවුරුද්ද තුල දෙමළ කාන්තාව මුහුණ පා සිටින තත්වය පිළිබඳව නිකුත්වූ නවතම වාර්තාවක සම කතුවරිය පවසයි.

Nimmi Gowrinathan‘සදාකාල පීඩිතයෝ? යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ දෙමළ කාන්තාව’ (The Forever Victims? Tamil Women in Post-War Sri Lanka) වාර්තාව නීතිවේදිනී කේට් ක්‍රොනින්-ෆර්මන් සමග මේ සතියේ එළිදැක්වූ  නිව් යෝර්ක්හි සිටි විශ්ව විද්‍යාලයේ ප්‍රජා සහ ගෝලීය නායකත්වය සඳහා වන කොලින් පවල් පීඨයේ මහාචාර්ය නිම්මි ගෞරිනාදන් ගගන සමග විශේෂ
සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ යුද සෙබළුන් මහා පරිමාණයෙන් උතුරේ රඳවා තබමින් ද, ඔවුන් කරන අපරාධ වලට දඬුවම් දීමට මුල් තැනක් නොදෙමින්ද සිටින තාක් කල් දෙමළ කාන්තාවන් ලිංගික

හිංසනයට ගොදුරු වීමේ බරපතල අවදානමට මුහුණ පා සිටින බවයි.

ශ්‍රී ලංකාවේ උතුරු දිසාවට ගොස් හමුවූ පනහකට අධික පිරිසක් හා කතාකොට රැස් කළ තොරතුරු තම වාර්තාවට පදනම් වූ Kate Cronin-Furmanබවයි මහාචාරිණි ගෞරිනාදන් කියා සිටියේ.

යටත් වැසියන්
දෙමළ ජනතාව මත ආධිපත්‍යය පවත්වාගෙන යාම සඳහා රජයේ යුද හමුදාව විසින් ලිංගික හිංසනය යොදා ගන්නා ආකාරය එක් ක්‍රියාධාරිනියක් විස්තර කර ඇත්තේ මෙසේය.

“අප යටත් වැසියන් ලෙස තබා ගැනීමට යොදා ගන්නේ කොයි ආකාරයේ  බලයක්ද යන්නත්, ඔවුන්ට ගැහැනුන් සහ පිරිමින් ලිංගික හිංසනයට ගොදුරු කර ගත හැකිය යන්නත්, යුද හමුදාව දෙමළ ජනතාවට කියා පානවා. ලෝකයේ අන් සැම තැනකම මෙන්, ශ්‍රී ලංකාවේ ලිංගික දුෂණය යොදා ගැනෙන්නේ ප්‍රජාවට දඬුවම් කිරීමට සහ දෙමළ කාන්තාවන් ගේ ගෞරවය කෙලෙසීමටයි”.

විමුක්ති කොටි සංවිධානයේ විනයගත පරිපාලනය නැතිව ගිය කලාපයක දැඩි හමුදාකරණය යටතේ  ලිංගික සුරාකෑම ඉහල ගොස් තිබෙන බව වාර්තාව පවසයි.

දැඩි දඬුවම්

අන්තර්ජාල පරිහරණය සහ ජංගම දුරකථන තාක්ෂණය එල් ටී ටී ඊ සංවිධානය විසින් සීමා කර තිබුණු අතර බේබදුකමට සහ අසභ්‍ය සාහිත්‍යයට දැඩි දඬුවම් පමුණුවනු ලැබූ බව වාර්තාව පෙන්වා දෙයි.

කොටි සංවිධානයේ පරාජයෙන් පසු පිටස්තර ලෝකයට වඩාත් විවෘත වූ උතුරේ දෙමළ සමාජය නව තාක්ෂණය ට නිරාවරණය වී ඇත්තේ ස්වේච්ඡාවෙන් නොවන බව මහාචාරිණි ගෞරිනාදන් පවසයි.

ඇය පවසන පරිදි දරිද්‍රතාවෙන් පීඩිත දෙමළ කාන්තාවන් ජංගම දුරකථන ඇතුළු නව තාක්ෂණික මෙවලම් මිලදී ගන්නවා නොවේ. හමුදා භටයන් විසින් බලය පා දෙනු ලබන කිසිත් ප්‍රතික්ෂේප කළ නොහැකි කමින් ඔවුන් ට ඒවා ළඟ තබා ගැනීමට බල කෙරී තිබේ.

නව තාක්ෂණයේ ආගමනය

ඒ නව මෙවලම්ද යොදා ගැනෙන්නේ කාන්තාවන් හමුදා  ග්‍රහණය යටතේ තබා ගැනීමට බව නිම්මි ගෞරිනාදන් පවසයි.

කෙසේ වෙතත්, වාර්තාව සඳහන් කරන ආකාරයට හමුදා බලහත්කාරයට බිය වැදී ආර්ථික දර්ද්‍රතාවයේ ගැලී සිටින සිටින දෙමළ කාන්තාව යුද කම්පිත දෙමළ සමාජය තුලත් ලිංගික පීඩාවට පත්වෙයි.

මීට අමතරව, කාන්තාව ‘සවිබල ගැන්වීම’ සහ ‘ශක්‍යතාව නගා සිටුවීම’ තම අරමුණ සේ දක්වන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කර ඇති මැදිහත් වීම් වාර්තාවේ විස්තර වන්නේ ‘හිනා යන සුළු’ ඒවා ලෙසයි.

බොහෝ සංවිධාන කර ඇත්තේ ලිංගික දුෂණයට ලක්වූ කාන්තාවන්ට කුකුළන්, ගවයන්, මහන මැෂින් ලබාදීම හෝ ගෙවතු වගාව සහ රූප ලාවන්‍ය පුහුණුව ලබා දීමයි.

මේ ව්‍යාපෘති කාන්තාවන්ගේ යහ පැවැත්ම සඳහා ලබා දුන් තිරසාර විසඳුමක් නැති වග සඳහන් කරන වාර්තාව, ඔවුන් අනතුරේ හෙලීමේ අවදානමක් එමගින් ඇතිකරන බවට අනතුරු අඟවයි.

Related posts

Comments are closed.

Top