විමල්ට, උදයට පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක වරප්‍රසාද අහිමි වේ

11931740_784867244963383_1154329684_n

ජාතික නිදහස්‌ පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය පාර්ලිමේන්තුව තුළ පිළිගත් දේශපාලන පක්‍ෂ ලෙස නොපිලිගැනීමට ප්‍රධාන පක්‍ෂ නායකයන් තීරණය කර ඇති බවට වාර්තා වේ.

මේ අනුව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට හා පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල වෙත පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ නායකයන්ට හිමිවන වරප්‍රසාද මින් ඉදිරියට අහිමි වනු ඇත.

එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පමණක්‌ සැලකීමට තීරණය කර ඇති අතර පාර්ලිමේන්තු විධිවිධාන 23 (II) යටතේ සිදු කරනු ලබන විශේෂ ප්‍රකාශ කිරීමේ අවස්ථාවන් ද අහිමි වේ.

අටවැනි පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්‍ෂ ලෙස පක්ෂ 6ක් පමණක් පිළිගැනීමට කථානායකගේ අනුමැතිය හිමිවී තිබේ.

මේ අනුව එක්‌සත් ජාතික පක්‍ෂය, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්‌ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සහ ඊ. පී. ඩී. පී. යන පක්‍ෂ හය පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්‍ෂ වශයෙන් සැලකේ.

Related posts

Comments are closed.

Top