දේශ සිමා තාප්පය මෙක්සිකෝ-ඇමරිකා ජනපති හමුවට බාධාවක් වෙයි

ඇමෙරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙක්සිකෝ – ඇමෙරිකානු දේශසීමා හරහා තාප්පයක් ඉදිකිරීමේ සැලැස්ම ඉදිරිපත් සමඟම ඇමෙරිකානු ජනපති  සමග එළැඹෙන සතියේදී වොෂිංටනයේදී සිදුකිරීමට ගිය හමුව අවලංගු කිරීමට මෙක්සිකෝ ජනපති එන්රීක් පීනා නීටෝ කටයුතු කර තිබේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ඇමෙරිකානු දේශසීමා හරහා තාප්පයක් ඉදිකිරීමේ සැලැස්ම ඉදිරිපත් කිරීමෙන් දිනකට පසුව ප්‍රකාශයක් කරමින් මෙක්සිකෝ ජනපති මෙම තීරණය ගෙන තිබේ.

එළැඹෙන ජනවාරි 31 වැනිදා ඇමෙරිකාවේ සිදුකිරීමට තිබූ සංචාරය ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසුව අවලංගු කිරීමට සිදුවූ බව මෙක්සිකෝ ජනපතිවරයා පැවසීය.

රිපබ්ලිකන් සෙනට් සභිකයන් පවසන පරිදි මෙම තාප්පය ඉදිකිරීම සඳහා ඇඩො.බිලියන 12 – 15ත් අතර මුදලක් වැයවෙනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

එම මුදල මෙක්සිකෝවෙන් අය කරගැනීමටද ඇමෙරිකාව කටයුතු කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේය.

මේ පිළිබඳව මෙක්සිකෝවේ ප්‍රතිචාරය වුයේ තම රට කිසිදු මුල්‍ය දායකත්වයක් නොසපයන බවයි.

යම් හෙයකින් මෙක්සිකෝව මුදල් ගෙවීම සිදු නොකළහොත් ඇමරිකාවේ රැඳී සිටින මෙක්සිකෝ ජාතිකයන් සිය රට වෙත යවන මුදල් සිමා කර අදාල මුදල් පියවා ගන්න බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.

Related posts

Comments are closed.

Top