සිවිල් සමාජ නායකයෙක් මාධ්‍යවේදීන්ට ‘බුරුවා’ කීම ගැන සමාව ඉල්ලයි |VIDEO

 

සිවිල් සංවිධාන එකතුවක්  විසින්  මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හටගත් උණුසුම් කතාබහක් මැද සංවිධායකයකු මාධ්‍යවේදීන් ට ‘බූරුවන්’ ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් වෙනත් සංවිධායකයකු පසුව සමාව ඉල්ලා තිබේ.

නැවත පදිංචිකිරීම්වලින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට හානියක් සිදුව නැති බවට කරුණු දැක්වීමේ අරමුණෙන් මෙම ප්‍රවෘත්ති  සාකච්ඡාව පවත්වා තිබුනි.

 

සිවිල් සංවිධාන විසින් එය සංවිධානය කර තිබුනත් මෙම මාධ්‍ය හමුව වාර්තා කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයද පැමිණ ඇති අතර  මීට අමතරව විෂය භාර අමාත්‍යවරයාගේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයාත් සහභාගි වී තිබේ.

ඔවුන්ගේ පැමිණීම ප්‍රශ්න කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කළේ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ සිවිල් සංවිධාන  පෙරමුණ එය ප්‍රතික්ෂේප කළත් සිවිල් සමාජ නායකයෙක් මාධ්‍යවේදීන් හෙලා දැක ඇත්තේ ඔවුන් බූරුවන්  ලෙස හඳුන්වමිනි.

ඔහුගේ ප්‍රකාශයට මාධ්‍යවේදීන් විරෝධය පල කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට බුරුවන් ලෙස ආමන්ත්‍රනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සොබා සාමූහිකයේ සභාපති තිලක් කාරියවසම් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබේ.

 

 

 

Related posts

Comments are closed.

Top