ශ්‍රී ලංකාවේ අපනයන වැරදි පාරේ: හර්ෂ ද සිල්වා

නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් සමග

විදේශ අපනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වැරදි ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වරයා ප්‍රකාශ කරයි.

ආර්ථික විද්‍යාඥයකුද වන ආචාර්ය හර්ෂ ද සිල්වා තම රජය අපනයන ක්ෂේත්‍රයේ සාර්ථක භාවයක් අත් කර නොගත් බව පිළිගෙන ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ගෙනහැර දක්වන ලද සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

රාජපක්ෂ පාලන සමයට වඩා යහපාලනය යටතේ විදේශ වලට යවන භාණ්ඩ වලින් ලබන ආදායම පහත වැටී ඇති බවයි හිටපු ජනපති පුත්‍රයා  විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වරයාට කියා තිබුනේ.

2014 දී දල ජාතික නිෂ්පාදිතයෙන් 14% ක්ව තිබූ අපනයන ආදායම 2016 දී 12% දක්වා අඩුවී ඇතැයි රාජපක්ෂ මන්ත්‍රීවරයා ට්විටර් විවාදයක දැක්වූ සංඛ්‍යාලේඛන පිළිගත් ආචාර්ය ද සිල්වා යුරෝපා සංගමයෙන් වරණීය බදු සහන නැවත ලබා ගැනීම තත්වය යහපත් අතට හැරවීමට උපකාරී වනු ඇති බවට විශ්වාසය පළ කරයි.

“අපනයන ක්ෂේත්‍රයේ අප වී නැති බව මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ; වැරදි මාර්ගය. ඒ ප්‍රවනතාව ආපසු හරවන්න අපි දැඩි උත්සාහයක් ගන්නවා. GSP+ නැවත ලැබීම උදව්වක් වේවි,” යි  විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වරයා කියා තිබුනි.

අගමැති රනිල් වික්‍රමසිංහ, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා හා  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග සමග ආචාර්ය හර්ෂ ද සිල්වා මේ දිනවල ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක යෙදී සිටී.

Related posts

Comments are closed.

Top