යුද අපරාධ ගැන විදෙස් පරීක්ෂණයක් ඉල්ලා දෙමළ ජාතික සන්ධානය ජිනීවාවලට

a

යුධ අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සහයෝගය ලබා ගැනීමේ අරමුණින් දෙමළ ජාතික සන්ධානයේ පස් දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් බලධාරීන් මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට ඉදිරි දින කීපය තුලදී ජිනීවා බලා පිටත්වීමට සුදානම් වන බව උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කළේය.
” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව පිටවීමට කලින් අපි ජාත්‍යන්තර පිරිස් සමඟ මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් බලධාරීන් මුණ ගැසී අපේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තුවෙනවා . යුද අපරාධ පිළිබඳව දේශීය පරීක්ෂණ අපි ප්‍රතික්ෂේප කරනවා. අපට අවශ්‍ය වන්නේ ස්වාධින ජාත්‍යන්තර කණ්ඩායමක් මේ ගැන පරීක්ෂණ කිරීම” යැයි හෙතෙම පැවසිය.

මෙම සංචාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් මේ මස 30 වෙනි දාට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාව පිලිබඳ ව ඉදිරිපත් කිරීමට සුදානම් වන මානව හිමිකම් වාර්තාව නිකුත් කිරීමට පෙර සිදුවනු ඇත.

නිකුත් කිරීමට බලාපොරොත්තු වන වාර්තාව මගින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා හා එල් .ටි.ටි.ඊ සංවිධානයත් අතර පැවැති යුද්ධයේ අවසන් සමයේ දී සිදුවුවායයි පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව කරුණු අනාවරණය කරනු ඇති බවට විශ්වාස කෙරේ.

Related posts

Comments are closed.

Top