මාධ්‍යවේදියකු පැහැරගෙන යාම ගැන මේජර් සමග හමුදාවේ තුනක් දැලේ

අවුරුදු නමයකට ඉහතදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු පැහැරගෙන ගොස් බරපතල ලෙස පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහල නිලධාරියකු ඇතුළු තුන් දෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.

සතිපතා ‘ද නේෂන්’ පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් 2008 මැයි මාසයේ පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් මේජර්වරයකු සහ සෙබළුන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මාධ්‍යවේදියා පැහැරගෙන යනු ලැබුවේ “යුද හමුදාව හමුදාපතිගේ පුද්ගලික නින්දගමක් නොවේ,” යන හිසින් විවේචනාත්මක ලිපියක් ලියා දින කීපයක් ගතවූ පසුය.

එවක හමුදාපති වූයේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාය.

කීත් නොයාර් පැහැරගෙන යනු ලැබුවේ වැඩ ඇරී වාහනය පදවාගෙන නිවාස බලා යද්දීය.

දෙහිවල ඔහුගේ නිවස ඉදිරිපිටදී වාහනය දමා ගොස් තිබී සොයාගන්නා ලදී.

රහස් පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගන්නා ලද තිදෙනා තවමත් හමුදා සේවයේ නිරත වූවන් බව යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න විසින් තහවුරු කර තිබේ.

කොහුවල යුද හමුදා කඳවුරක සිට මෙහෙයවන ලද සුදු වෑන් රථයක්ද විමර්ශකයන් විසින් හඳුනාගෙන ඇතැයි ගගන ට වාර්තා වේ.

Related posts

Comments are closed.

Top