කීත් නොයාර් ප්‍රහාරයේ සැකකාර හමුදාවේ 5 අඳුනා ගැනීම 23 දා

අවුරුදු නමයකට ඉහතදී  ‘ද නේෂන්’ පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහල නිලධාරියකු ඇතුළු පස් දෙනකු හඳුනාගැනීමේ පෙරෙට්ටුව අද පැවැත්වේ.

ද නේෂන් පුවත්පතේ යුද පුවත් වාර්තාකරුවකු ලෙස කටයුතු කළ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදුකිරීමේ චෝදනා යටතේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට ඔඅත් කොට ඇති  යුද හමුදා බුද්ධි අංශයේ මේජර් ප්‍රභාත් බුලත්වත්ත, සාජන් දුමින්ද වීරරත්න,  සාජන් හේමචන්ද්‍ර පෙරේරා, කෝප්‍රල් ලසන්ත විමලවීර සහ කෝප්‍රල් නිශාන්ත ජයතිලක හඳුනාගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන් පිරිස කොම්පඤ්ඤවීදියේ පිහිටි ට්‍රිපොලි හමුදා කඳවුරට අනුයුක්‌තව රාජකාරි කළ අය බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කීත් නොයාර් 2008 මැයි මාසයේ පැහැරගෙන ගොස් දොම්පේ ප්‍රදේශයට ගෙනගොස් පහර දී තිබුණු අතර ඔහු සොයාගැනීමට සමීපතමයන් විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමතීමෙන් පසු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා නිදහස් කර තිබුනි.

කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදී ඇත්තේ රජයේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් ඔහුට තොරතුරු ලබා දෙන්නේ කව්දැයි හෙළි කර ගැනීමටය.

Related posts

Comments are closed.

Top