එජාප – ශ්‍රීලනිප අවබෝධතාව තවත් පුළුල් කිරීමේ සාකච්ඡා – දුමින්ද

MOU Signing

එක්සත් ජාතික පක්ෂය සමග ගිවිසගත් අවබෝධතාව තවත් පුළුල් කිරීම සඳහා සාකච්ඡා කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කරයි.

හවුල් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එජාපයත් ශ්‍රීලනිපයත් ගිවිසුමකට එළැඹුණේ නව අගමැති ලෙසින් රනිල් වික්‍රමසිංහ දිව්රුම් දුන් අවස්ථාවේ.

ශ්‍රීලනිපය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබූ එම පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක ගගන ට ප්‍රකාශ කළේ තවත් පක්ෂ කිහිපයක්ම ගිවිසුමට හවුල් වීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.

ශ්‍රී ලංකාවේ යුද්ධයට සම්බන්ධ යුද භටයන් ආරක්ෂා කිරීමට ගිවිසගන්නා වගන්තියක්ද ගිවිසුමට ඇතුල් කිරීමට නියමිත බවට කොළඹින් පලකෙරෙන මාධ්‍ය වල සඳහන් වාර්තා පිළිබඳව දිසානායක ඇමැතිවරයා ප්‍රකාශ කළේ ඒ  සම්බන්ධ අවසාන නිගමනයකට තවම එළැඹ නැති බවයි.

කෙසේ වෙතත්, ගිවිසුම හමුදා භටයන් ගේ ආරක්ෂාව පිළිබඳ හවුල් ආණ්ඩුවේ පක්ෂ අතර එකඟතාව යුද අපරාධ චෝදනා පිලිබඳ දේශීය පරීක්ෂණයකදී අදාල වන්නේදැයි ගගන කළ විමසීමට පිළිතුරු දුන් දිසානායක ඇමැති වරයා කියා සිටියේ ‘එය කරුණු දෙකක්’ බවයි.

Related posts

Comments are closed.

Top