කබීර් හෂීම් ඇමැතිගේ බුද්ධාගම ගැන දැනුමට නාහිමි ප්‍රසාදය

 

බෞද්ධාගම සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් දරන අදහස් සහ ආකල්ප සම්බන්ධයෙන් බෞද්ධයන්ගේ ප්‍රසාදය හිමි විය යුතු බව කෑගල්ල ශාසනාරක්ෂක බල මණ්ඩල සභාපති හෙම්මාතගම සිද්ධාර්ථ නාහිමියෝ පවසති.

 

රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් වට්ටාරම ශ්‍රී අරහත්ත මලියදේව විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් උන් වහන්සේ ඒ බව පවසා තිබේ.‍

 

වට්ටාරම විහාරස්ථානය සම්බන්ධයෙන් අමාත්‍යවරයා තුළ ඇති ඓතිහාසික දැණුම ද  නිවැරදි බවට පසසා ඇති ඒ හිමියන් කබීර් හෂිම් අමාත්‍යවරයා මෙන්ම අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය දුශ්මන්ත මිත්‍රපාල සහ කෑගල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලිලාන් අමරකෝන් වැන්නන් රාජ්‍ය වෙසක් උත්සවය සාර්ථක කර ගැනීමට දක්වන සහයෝගය ඉතා ඉහළින් අගය කර ඇත.

 

කෑගල්ල තරුණ බෞද්ධ සංගමය සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරමින් පවතින බෞද්ධ දැනුම – මිණුම වැඩ සටහන, කථික තරඟ සහ බොදු බැති ගී වැඩ සටහන් සම්බන්ධයෙන් ද මෙහිදී නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ සිය ප්‍රසාදය පළ කර තිබේ.

Related posts

Comments are closed.

Top