මාලදිවයින් මාධ්‍යවේදී ඝාතනය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි

 

යමීන් රශීඩ් බ්ලොග් රචකයාගේ ට්විටර් පිටුවෙන්

 

මාලදිවයින් බ්ලොග් රචක යමීන් රෂීඩ්ගේ ඝාතනය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව එරට විපක්ෂය ප්‍රකාශ කර ඇත.

රශීඩ් යමීන්,මාලේ නුවර ඔහු නවාතැන් ගෙන සිටි මහල් නිවසෙහි තරප්පු පේළියක් මත පිහි ප්‍රහාරයකට ලක් ව සිටියදී සොයාගෙන තිබුණි.

ඒ 23 ඉරිදා උදෑසනය ය.

ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට “සම්පූර්ණ ජාත්‍යන්තර සහභාගිත්වයක්” අවශ්‍ය බව මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (MDP) නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

“නිර්භීත හඬක් කෲර අන්දමින් නිහඬ කර තිබෙනවා. ජාත්‍යන්තර සහභාගීත්වයෙන් යුතු අපක්ෂපාතී සහ විවෘත පර්යේෂණයකින් පමණයි යමීන් හට සාධාරණයක් ඉෂ්ට කළ හැකි වන්නේ,” යනුවෙන් මාලදිවයින් හිටපු ජනපති සහ නෙරපා දැමූ විපක්ෂ නායක මොහොමඩ් නෂීඩ් ට්විටර් නිවේදනයක් මඟින් ප්‍රකාශ කර ඇත.

පපුවට සහ බෙල්ලට එල්ල කළ පිහි ප්‍රහාර හේතුවෙන් රෝහල් ගත කර මද වේලාවකට පසුව බ්ලොග්කරුවා මිය ගොස් ඇත.

යමීන් රශීඩ් විසින් මාලදිවයිනේ දේශපාලනයේ විකාශනය පිළිබඳ උපහාසාත්මක සහ විවේචනාත්මක අදහස් පළ කළ “ඩේලි පැනික්” නම් බ්ලොග් අඩවිය පවත්වාගෙන යන ලදි.

“අකීකරු රචකයා” යන නමින් තමන් හඳුන්වා ගත් 29 හැවිරිදි යමීන් මාලදිවයින් ජනතාව අතර ප්‍රසිද්ධ චරිතයක් බවට පත්ව සිට ඇත.

පසුගිය පස් වසරෙහි මාලදිවයින තුළ ඉලක්ක ගත වූ තෙවන මාධ්‍යවේදියා යමීන් රශීඩ් වේ.

අහමඩ් රිල්වාන් නම් මාධ්‍යවේදියා 2014 වර්ෂයේදී අතුරුදහන් වී තවමත් සොයා ගැනීමට නොහැකිව ඇති අතර ඉස්මයිල් රශීඩ් නම් බ්ලොග් රචකයා 2012 වසරේදී නන්නාඳුනන පුද්ගලයකුගේ ප්‍රහාරයට ලක් වී ඇත.

Related posts

Comments are closed.

Top