එක්සත් ජනපද ප්‍රාන්තයකින් සතියක් තුල මරණ දඩුවම් හතරක්

පුද්ගලයන් හතර දෙනෙකුට එරෙහිව සතියක් තුළදී මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට දකුණුදිග ඇමරිකා එක්සත් ජනපදයේ ආකන්සාස් ප්‍රාන්තය කටයුතු කර ඇත.

ඒ වසර ගණනාවක සිට මරණ දඩුවම ක්‍රියාත්මක නොකර සිටීමෙන් අනතුරුවය.

දැඩි රැකවල් යොදා තිබූ බන්ධනාගාරයකින් පැනගොස් පුද්ගලයන්දෙදෙනකු ඝාතනය කිරීම නිසා 38 හැවිරිදි කෙනත් විලියම් හට සිව් වනුවට මරණ දඩුවම් නියමව තිබී ඇත.

ඔහුගේ නීති නීතිඥවරුන් ඔහු මානසික ආබාධයකින් පෙළෙන්නකු යැයි අභියාචනයක් ඉදිරිපත් කළද, අමෙරිකානු ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කර තිබේ.

ගැස්මකින් සහ කෙටි කැස්සකින් පසුව 28 සිකුරාදා එරට වේලාවෙන් පස්වරු 11.05 ට පමණ කෙනත් විලියම් මිය ගිය බව සාක්ෂිකරුවන් පවසා තිබේ.

කෙසේ වෙතත්, එම මරණ දඬුවම ක්‍රියාත්මක කෙරුණු ආකාරය “බියජනක” බවට චෝදනා කරන ඔහුගේ නීතිඥයා විමර්ශනයක් පවත්වන ලෙස බලකර ඇත.

මරා දමන ලද අවස්ථාවේ කෙනත් විලියම් තත්පර 20 ත් 30 ත් අතර කාලයක් කහිමින්, ගැස්සෙමින් සිටි බව සිද්ධිය සියැසින් දුටුවන් පවසා තිබේ.

ඝාතකයකු ලෙසින් චෝදනා ලැබූ ලෙඩෙල් ලී හට එරෙහිව ප්‍රථමයෙන් මරණ දඩුවම ක්‍රියාත්මක විය.

ජැක් ජෝන් සහ මාර්සෙල් විලියම් ඉන්පසු දඩුවම් ලැබූවන් අතර වේ.

මීලගට මරණය හිමි වීමට නියමිත සිරකරුවන් හතර දෙනාට තාවකාලික සහනයක් හිමිව තිබේ.

Related posts

Comments are closed.

Top