වැල්ලවත්ත ගොඩනැගිලි අනතුර ගැන විශේෂ පරීක්ෂණයක්| VIDEO

අඩුම වශයෙන් 23 දෙනකුට තුවාල සිදු කරමින් අගනුවර ගොඩනැගිල්ලක් කඩාවැටීමට හේතුව හෙලිකරගැනීමට වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා විසින් නියෝග කර තිබේ.

වැල්ලවත්තේ දි එක්සලන්සි (The Excellency) ගොඩනැගිල්ල ඉදි කරමින් පැවතියදී කඩා වැටීමට හේතුව සොයාබලන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් ගගන හමුවේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද දිනයේ නියෝග කරන ලදී.

ඒ අනුව හෙට දිනයේම මූලික පරීක්ෂණයක් ආරම්භ කර ලබන සතිය තුලදී වාර්තාවක් ලබා දීමට අපේක්ෂා කරන බව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ප්‍රධානී හේමන්ත බාලචන්ද්‍ර ගගන හා කියා සිටියේය.

අනතුරට හේතුව සැලසුමද නැතහොත් ඉදිකිරීමද යන්න සොයාබැලීම පසුව කෙරෙන පුළුල් විමර්ශනයකින් පසුව තහවුරු කර ගැනීමට හැකි වනු ඇති බවයි වාස්තු විද්‍යාඥ බාලචන්ද්‍ර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

වැල්ලවත්තේ සැවෝයි සිනමා හල පසුපස ඉදි කරමින් තිබූ මහල් කීපයකින් යුත් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් තුවාල ලද 14 දෙනකු කළුබෝවිල රෝහලට ඇතුලත් කරන ලද බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

තුවාලකරුවන් නම දෙනකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේය.

Related posts

Comments are closed.

Top