පලෙයි වෙඩි තැබීමෙන් පසු හමුදා පොලිස් සෝදිසි මෙහෙයුම් | VIDEO

රාජකාරි නිමා කර නවාතැන් බලා යමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ගමන් ගත් වාහනයක් ඉලක්ක කරගනිමින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පලෙයි ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය සහ යුද හමුදාව යොදවා කච්චාවේලි ප්‍රදේශයේ 19 සිකුරාදා ආරක්ෂක රැකවල් තර කිරීම නිසා නිවෙස් වලින් පිටතට පැමිණීමට සහ වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇති බව  ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පවසති.

බ්‍රහස්පතින්දා රාත්‍රී 11.30 ට පමණ සිදු වූ ප්‍රහාරයෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැති බව පොලිසිය කියයි.

Related posts

Comments are closed.

Top