සමලිංගිකයන් දෙදෙනකුට ඉන්දුනීසියාවේදී වේවැල් පහර

ලිංගිකව හැසිරුණු බව චෝදනා ලැබූ ඉන්දුනීසියා අචේ ප්‍රාන්තයේ පුරුෂයන් දෙදෙනක්ට, එක් අයෙකුට 83 බැගින් වේවැල් පහර ලබා දී ඇත.

ඔවුන්ට වේවැල් පහර 85ක් ලබා දීමට තීන්දු කර තිබුණා ද මාස දෙකක කාලයක් හිර අඩස්සියේ සිටීම නිසා පහර දෙකක් අඩු කර තිබේ.

සුදු පැහැ දිගු ඇඳුමකින් අට්ටාලයක් මත හිටගෙන යාඥා කරමින් සිටි චුදිතයන්ට, දෑස් පමණක් පෙනෙන්නට සිය හිස් ආවරණය කරගත් කණ්ඩායමක් විසින් ජනතාව ඉදිරියේ දඬුවම් කර ඇත.

වයස 20 ත් 23 ත් වූ මෙම තරුණයන් දෙදෙනා පෞද්ගලික නවාතැනක ඇඳ මත සිටින විට වෙනත් පුද්ගලයකු විසින් බලහත්කාරයෙන් කාමරයට ඇතුල් වී ඔවුන්ව අල්ලා ගෙන ඇත්තේ පසුගිය මාර්තු මසදී ය.

වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපනය ලැබූ එක් තරුණයකු දැන්  විශ්ව විද්‍යාලයෙන් දොට්ට දමා ඇති බව BBC ය  පවසයි.

ලොව වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින රට වන ඉන්දුනීසියාවේ බොහෝ ප්‍රදේශ තුළ සමලිංගිකත්වය තහනම් නැති වුවත්, මුස්ලිම් නීතිය බල පැවැත්වෙන අචේ ප්‍රාන්තය තුළ එය තහනම් ය.

කෙසේ වෙතත් මෙම ප්‍රදේශයේ ෂරියා නිතිය යටතේ සමරිසි පුද්ගලයන්ට දඬුවම් ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙය වේ.

Related posts

Comments are closed.

Top