කාන්තා හිංසක වීඩියෝ ප්‍රචාරය කළ ඉන්දියාවේ තුනක් දැලේ

ඉන්දීය ගැහැණු ළමයින් දෙදෙනකුට අඩත්තේට්ටම් කර එහි වීඩියෝවක් සමාජ ජාලා වල පළ කළ බවට චෝදනා ලැබූ පුද්ගලයන් 14 දෙනා අතරින් තිදෙනකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගැහැණු ළමයින්ට හිරිහැර වූයේ කෙදිනක දැයි පැහැදිලි නොමැති නමුත් නැගෙනහිර ඉන්දීය උත්තර් ප්‍රදේශ් රාම්පුර් දිස්ත්‍රික්කයේ ස්ථානයක මෙය සිදුව ඇති බවට හඳුනාගෙන තිබේ.

සෝදිසි කණ්ඩායම් හතරක් යොදා ගනිමින් සිදුවීමට සම්බන්ධ ඉතිරි පුද්ගලයන් හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින බව එරට පොලිසිය පවසයි.

අනෙකුත් චූදිතයන් ඉක්මනින්ම අල්ලා ගැනීමට හැකි වනු ඇතැයි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ප්‍රධාන පොලිස් ප්‍රකාශක රාහුල් ශ්‍රී වාස්තව පවසා තිබේ.

2012 දී වෛද්‍ය ශිෂ්‍යාවක් බලහත්කාරයෙන් දුෂණය කළ සිදු වීමෙන් පසුව, ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඉන්දියාව තුළ යම්කිසි පිබිදීමක් ඇති විය.

නමුත් එරට කාන්තාවන්ට සහ ළමුන්ට සිදු වන ලිංගික සාහසිකකම් වල අඩුවක් තවමත් දක්නට නැත.

Related posts

Comments are closed.

Top