“දේශගුණ විපර්යාස බලපෑම් වලක්වා ගැනීමට ලෝකයම එක් විය යුතුයි” එජාමලේ

දේශගුණ විපර්යාස වලින් ඇති වන බලපෑම් වලක්වා ගැනීම සඳහා ලෝකයම එකට එකතු වීම “අනිවාර්යයෙන්ම අවශ්‍ය” බව  එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගටරේ ප්‍රකාශ කරයි.

නිව්යෝක් විශ්වවිද්‍යාලයේ 30 අඟහරුවාදා පැවති උත්සවයක් අතරතුරදී ඔහු මේ බව පවසා තිබේ.

“යම් කිසි රාජ්‍යයක් 2015 පැරිස් දේශගුණ සම්මුතිය පිළිබඳව අවිශ්වාසයකින් සිටි නම්, අනෙකුත් රාජ්‍යයන් එය හේතුවක් කරගනිමින් ඊටත් වඩා ශක්තිමත්ව, එකමුතුව සම්මුතිය තුළ රැඳී සිටිය යුතුයි,”යනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් සිය අදහස් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සෙනසුරාදා පැවති බලවත් ජාතීන්ගේ G7 සමුළුවේදී ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැරිස් සම්මුතියට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි.

ගිවිසුම පිළිබඳ තීරණයක් ගැනීමට තමන්ට තව කාලය අවශ්‍ය බව ඇමරිකා ජනපති පවසා තිබේ.

ලොව විශාලතම ආර්ථිකය මෙන්ම හරිතාගාර වායු විමෝචනය අතින් ලොව දෙවන ස්ථානය ලබා ගන්න රට බවට පත් වන්නේ ඇමරිකා එක්සත් ජනපදය යි.

පැරිස් සම්මුතිය

දේශගුණ විපර්යාස පිළිබඳ ලොව ප්‍රථම විශාල ගිවිසුම වන්නේ පැරිස් සම්මුතිය යි.

ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය 2C ට වඩා අඩුවෙන් තබා ගැනීම මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණයි.

Related posts

Comments are closed.

Top