කටාර් අර්බුදයේ නිර්මාතෘ ඩොනල්ඩ් ට්‍රම්ප් බව හෙළිවේ

කටාර් රජය සම්බන්ධයෙන් සෞදි අරාබිය ඇතුළු රටවල් කිහිපයක් ගෙන ඇති තීරණය පිටුපස ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ඍජු බලපෑම එල්ලවී ඇති බව තහවුරුවී තිබේ. මෙම අර්බුදය ඇති කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට වක්‍රව චෝදනා එල්ලවුවද එය සනාත කිරීමට පාදකවූ කරුණු හෙළිදරව් කිරීමක් ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුම ඔස්සේ කරනු ලැබූ ප්‍රකාශනය සපයා තිබේ .

තමාගේ මැදපෙරදිග සංචාරයේ ප්‍රතිපල දැන් මතුවීමට පටන්ගෙන ඇති බව සඳහන් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුම ඔස්සේ තැබූ සටහන ලොව පුරා දැඩි ආන්දෝලනයකට ලක්වී තිබේ.

ත්‍රස්තවාදය පිටු දැකීම සඳහා ක්‍රියා කිරීමට වූ එකඟතාවයන්ට අනුකුල වන කොන්දේසි ඉටුකිරීමට කටාර් රාජ්‍යය අපොහොසත් වුවහොත් මිට වඩා දරුණු තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බව සෞදි අරාබිය දැනටමත් අනතුරු අඟවා තිබේ.

කෙසේවතත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන කටාර් රාජ්‍යය ප්‍රකාශ කරන්නේ තමන් ත්‍රස්තවාදයට අනුබල දීමක් පිළිබඳව කිසිදු සාක්ෂියක් නොමැති බවත් එම චෝදනා හුදෙක් මාධ්‍යය විසින් නිර්මාණය කරන ලද්දක් බවයි.

 

Related posts

Comments are closed.

Top