ශුරයන්ගේ කුසලානයේ දකුණු ආසියානු ආදිපත්‍යය

එංගලන්තෙයේ පැවත්වෙන ශුරයන්ගේ කුසලානයේ අවසන් පුර්ව වටය සඳහා දකුණු ආසියාවෙන් රටවල් දෙකක් මේ වන විට සුදුසුකම් ලබා ඇති අතර අවසන් කණ්ඩායම් හතර අතරට තවත් එක දකුණු ආසියානු රටක් අද (12) එකතුවනු ඇත.

ඒ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතරින් එකක් වන අතර එම තීරණය දෙරට අතර අද පැවැත්වෙන තීරණාත්මක තරගයේ ප්‍රතිපලය මත රඳා පවතී.

තරගාවලියේ පෙරළිකාර ජයක් නවසීලන්තයට එරෙහිව ලැබූ බංගලාදේශය සත් කාරක එංගලන්තය විසින් සිය ප්‍රතිවාදීන් වූ ඔස්ට්‍රේලියාව තරගාවලියෙන් ඉවතට අද දැමීමත් වර්ශාවටත් පින්සිදුවන්නට අනපේක්ෂිතව ශුරයන්ගේ කුසලානයේ අවසන් පුර්ව වටයට එක්වුයේ අවසන් පුර්ව වටයට පිවිසි ප්‍රථම දකුණු ආසියානු රට ලෙසිනි.

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ඉන්දියාව අවසන් පුර්ව වටයට පිවිසි දෙවැනි දකුණු ආසියාතික රට ලෙස අවසන් පුර්ව වටයට එක්වුයේ ඉරිදා (11) ය.

මෙවර තරගාවලියේ අවසන් පුර්ව වටය දකුණු ආසියානු රටවල් අතර පවතින්නක් බවට පත්වීමේ ඉඩකඩ ඇහිරී ගියේ ඉන්දියාව , ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය එකම කාණ්ඩයේ තරග වැඩිම නිසාවෙනි. කෙසේවතත් අචාසනයේ රටවල් තුනක් අවසන් පුර්ව වටයේදී දකුණු ආසියාව නියෝජනය කරමින් එක්ව ඇති අතර සමහරවිට අවසන් මහා තරගය දකුණු ආසියාවේ රටවල් දෙකක් අතර සිදුවීමට බොහෝදුරට ඉඩ ඇත.

ඉන්දියාව සහ බංග්ලාදේශය ප්‍රථම අවසන් පුර්ව තරගයට සුසුසුකම් ලබා ඇති අතර සඳුදා (12) පැවැත්වෙන තරගයේ ප්‍රතිපලය අනුව ශ්‍රී ලංකාව හෝ පාකිස්ථානය සත්කාරක එංගලන්තය සමඟ දෙවන අවසන් පුර්ව තරගය සඳහා එක්වනු ඇත.

ප්‍රබලයන් කලින්ම ගෙදර

මෙවර තරගාවලියේ සුවිශේෂතම සිදුවීම වුයේ තරගාවලිය ජයගැනීම සඳහා ඉහල ලන්සු තබා සිටි නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව තරගාවලියෙන් ඉවත්විමය.

Related posts

Comments are closed.

Top